සිය දියනිය වෙනුවෙන් යුක්තිය සොයන පියෙකුගේ කතාවක් පාදක කරගෙන නිර්මාණය කරන ලද කැනඩා චිත්‍රප්ටය To Kill a Tiger මීළඟ ග්රැමි අවෝඩ්ස් හෙවත් ඔස්කා නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
ඉන්දියාවේ ගම්මානයක ලිංගික අතවරයකට ලක් වූ තම දියණිය වෙනුවෙන් පියා විසින් යුක්තිය පසිඳලනු ලැබීමේ අරගලය කේන්ද්‍ර කර ගත් වාර්තා චිත්‍රපටයක් වන මෙය හොඳම වාර්තා චිත්‍රපට කාණ්ඩය සඳහා නිර්දේශ වී තිබේ.
96 වැනි ඔස්කාර් සම්මාන උළෙල එළඹෙන මාර්තු 10 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වීමට නියමිතය.
දිල්ලියේ ඉපිද දැනට කැනඩාවේ පුරවැසියකු හැටියට වාසය කරන ඉන්දියානු ජාතික නිශ පහුජා විසින් අධ්‍යක්ෂණය කරන ලද වාර්තා චිත්‍රපටිය 2022 ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය හැටියට සම්මාන ලැබීය.
කැනඩාවේ වාර්ෂිකව නම් කරන හොඳම චිත්‍රපට අතරටද එය පසුගිය වර්ෂයේ එක් විය.