"එකපාරක් මට කරපු නාට්‍යයකට සම්මාන ලැබුන. සම්මානෙ ගන්න තිබුණෙ දේශපාලන චරිතයක් අතින්. මං එකපාර මගේ නම කිව්වම එක්සයිට් වෙලා හිටියෙ. ඉතිං ස්ටේජ් එක උඩ අතට අත දීලා ආචාර කරද්දි එතන හිටියෙ කවුද කියලවත් මට පෙනුණෙ නෑ. ඔය අය අතරෙ දේශපාලන චරිතෙට අත දෙන්න මට මිස් වෙලා. මං දැනගෙන කරපු දෙයක් නෙමෙයි . ඊට පස්සෙ සම්මාන ගත්ත ඔක්කොම අර චරිතෙට අතට අත දීම ප්‍රතික්ෂේප කරලා. පස්සෙ මට යාළුවො කියන්න ගත්තා, 'උඹ කරපු වැඩේ මාරයි මචං. උඹ අරූට අත දුන්නෙවත් නෑනෙ'. මං වීරයෙක් වෙලා, මං දන්නෙවත් නැතුව.
මෙසේ කියන්නේ නාට්‍යකරු චාමර ගුරුගේ.
චාමරගේ අලුත්ම නාට්‍යය 'අපි අතර ඌ' පෙබරවාරි 03 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.