ශ්‍රී ලාංකේය සිනමාවට වසර 77ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 52ක් පිරීම නිමිත්තෙන් ශ්‍රි ලාංකේය සිනමාවට වසර 77ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 52 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන කෙටි සමරුම් උත්සවය ජනවාරි 30 වැනිදා සවස 3.00ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එදින සිනමාවට දායක වූ විශ්‍රාමික කලාකරුවන් වෙනුවෙන් මාසිකව රුපියල් 5,000ක විශ්‍රාම වැටුප් දීමනාව ලබා දීමද සිදු කිරීමට නියමිතය.
මෙවර විශ්‍රාමික වැටුප් වැඩසටහන යටතේ සිනමා කලාකරුවන් 147 දෙනෙකුට විශ්‍රාම වැටුප් ලබා දෙන අතර එම සංඛ්‍යාවට තවත් කලාකරුවන් 50 දෙනෙකු අලුතින් ඇතුළත් කරගැනීමට නියමිතය.
රසික කොටුදුරුගේ - සිළුමිණ