'හදවතේ ගායකයා' යනුවෙන් ජනාදරයට පත්, පසුගියදා බෙහෙවින් රෝගාතුරව රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ නිවසට යාමට හැකි මට්ටමින් සුවය ලැබීමෙන් අනතුරුව කළුබෝවිල රෝහලේ සිට ඊයේ (27) තම නිවස වෙත ගොස් තිබේ.
මසකට අධික කාලයක කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ චාමර වීරසිංහ හෙවත් 'චාලි'ට නිවසේ සිට ප්‍රතිකාර ගත හැකි බවට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලැබ ඇත.
චාමරව බැලීමට රසිකයින් පැමිණීමේ අපහසුතාව වළකාගැනීම පිණිස ඔහු සාමාන්‍ය වාට්ටුවකට මාරු නොකර දැඩි සත්කාර ඒකකයේම තබා ප්‍රතිකාර ලබා දී තිබූ අතර ඔහු වෛද්‍ය නිර්දේශ මත බොහෝ කාලයක් විවේකගත යුතුව තිබේ.