ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක විසින් ABC මාධ්‍ය ජාලය හෙවත් හිරු මාධ්‍ය ජාලය දැඩි ලෙස විවේචනය කරමින් ඒ වෙත සිය නම, කටහඬ භාවිතා කිරීම සම්බන්ධයෙන් දැඩි වාරණයක් එල්ල කරනු ලැබ තිබේ.
දමිත්ගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහු මෙම වාරණය පිළිබඳව ප්‍රසිද්ධ කර ඇති අතර එයට හේතුව ලෙස දමිත් අසංක පහදා ඇත්තේ 'ජීවත්ව සිටින මිනිසුන් මරාදැමීමට කටයුතු කිරීම යන' කාරණයයි. ඊට හේතු වන ආසන්න සිද්ධිය දමිත් අසංක විසින් පහදනු ලැබ නැත.
"කෙටියෙන් සමාජ මාධ්‍ය හරහා හිරු මාධ්‍ය ජාලයේ සියලුම අංශවලට දැනුම් දෙමි. මේ මොහොතේ සිට ගුණරත්න ගුණසේකරලාගේ දමිත් අසංක ගුණරත්න වන මාගේ නම භාවිතා කිරීම, රුව භාවිතා කිරීම, හඬ භාවිතා කිරීම, ගීත භාවිතා කිරීම හා තප්පරයකටවත් ඉහත කී දේවල් ප්‍රචාරය කිරීමට මා විසින් අවසර නොදෙන බවට කරුණාවෙන් දැනුම් දෙමි. ඒ වගේම මට හිමි මානව අයිතිය උල්ලංඝණය කිරීමක්, කඩකිරීමක් ඔබ ආයතනය හිරු විසින් කළොත් එය රටේ මිනිස් අයිතිවාසිකම් පුද්ගල චරිත ඝාතනයට විරුද්ධව කටයුතු කරන සියලු රජයේ හා පෞද්ගලික දෙපාර්ශ්වයෙන්ම මම විවෘත උදව් මාගේ ජීවිත අවදානම හා මාගේ මානසික යහපත වෙනුවෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. නීතිමය කටයුත්තකට වඩා මගේ ඉදිරි ජීවිත ගමනේ පහසුව වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය අද සිට මාගේ ඉල්ලීම ඉටු කරනු ඇතැයි මම විශ්වාස කරමි. අද දින දක්වා කවුරුන් හෝ මිතුරෙක් හිරු මාධ්‍ය ජලයේ සේවය කරා නම් හෝ කරනවා නම් මේ පණිවිඩය එහි කවුරුන් හෝ පළමු අයිතිය ඇති හිමිකරුට ඉතා ඉක්මනින් දැනුම් දෙනු ඇතැයි මා අපේක්ෂා කරමි. ඉල්ලීමක් කරමි. මිය යාමට පෙර ඝාතකයන් නිර්මාණය කරන මාධ්‍ය සමාජයක් යළිත් ඔබ ආයතනය තුළින් අපේක්ෂා නොකරමි. 🙏🙏🙏 හිරු ආයතනය සමග සියලු ගනුදෙනුවලින් ඉවත් වෙමි. ප්‍රසිද්ධියේ ආරක්ෂකවලින් අවාධානය යොමු කොට මගේ ඉදිරි යහපත් ශරීර සෞඛ්‍ය වෙනුවෙන් මට ඇති කරන මේ මානසික හිරිහැරය හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත් කර දෙනු ඇතැයි රටේ පුරවැසියෙක් විදියට කරුණාවෙන් ඉල්ලමි." යනුවෙන් දමිත් අසංක සිය නිවේදනයේ සඳහන් කර ඇත.