ඉන්දියාවේ ජනප්‍රියතම සිනමා සම්මාන උලෙළක් වන 'ෆිල්ම්ෆෙයා' සම්මාන උලෙළ ඊයේ (28) පැවැත්වුණ අතර එහිදී හොඳම නළුවා හැටියට වසරේ සම්මානය දිනාගනු ලැබුවේ රන්බීර් කපූර් විසිනි. ඒ සංදීප් රෙඩ්ඩි වංගා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'ඇනිමල්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙනි.
හොඳම නිළිය සම්මානය හිමි කරගත්තේ කරන් ජොහාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'රොකී ඔර් රාණි කි ප්‍රේම් කහානි'හි රඟපෑ ආලියා භට් විසිනි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ රන්බීර් කපූර් සහ ආලියා භට් අඹුසැමියන් වීමත් මේ වන විට දියනියකගේ දෙමව්පියන් වන මේ දෙපල එකම සම්මාන උලෙළේ හොඳම නළුවා සහ නිළිය වීමයි.
අනෙක් අතට දෙදෙනාම ඉන්දියාවේ දැවැන්ත සිනමා පවුල් දෙකක සාමාජිකයෝ වෙති.






