දකුණු ඉන්දීය සංගීතයේ 'රාජා' හැටියට විරුදාවලි ලත් ප්‍රවීණ සංගීත විශාරද ඉලයරාජාගේ දියනිය වන ඉන්දීය ජාතික සම්මානලාභී ගායිකාවක් සහ සිනමා, ටෙලි සංගීත අධ්යක්ෂවරියක වූ භවධරිණී තමන් ගොදුරුව සිටි අක්මා පිළිකා රෝගය සඳහා ශ්‍රී ලංකාවේදී ප්‍රතිකාර ගනිමින් සිටියදී පසුගිය සතියේ (25) අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව ඇයගේ දේහය ඊට පසු දින ඉන්දියාව බලා රැගෙන යාමට කටයුතු කෙරිණි.
පිලිකා රෝගයට ගොදුරුව සිටි භවධරණි අවාසනාවන්ත ලෙස මිය ගියේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී වන අතර ඇය සමග 'එවර් රාජා රජතන්' ප්‍රසංගයට පැමිණි ඉලයාරාජා ජනවාරි 27, 28 ප්රසංගයද පසුව කල් දැමීමට සිදු විය.
කෙසේ නමුත්, පසුගිය ජනවාරි 27 වැනිදා සිය පවුලේ අයට මෙන්ම තමන්ගේ වෘත්තීය දායකත්වය දුන් කොලිවුඩයේ හිතමිතුරන්ට සහ රසිකයින්ට සමුදෙමින් භවධ්රිණි අවසන් ගමන් ගියාය.
ඉලයරාජා සංගීතවත් කළ 'සද්මා' ඇතුළු චිත්‍රපට ගණනාවක රඟපෑ කම්ල් හසන් පවසා තිබුණේ තම හදවත මෙම පුවතින් බෙහෙවින් වේදනා දෙන බවයි.
අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට පෙර භවධඉර්ණිගේ දේහය ප්‍රදර්ශනයට තබා තිබූ අතර ඇයගේ වියෝවෙන් ශෝක වූවෝ විශාල සංඛ්‍යාවක් අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ. භවතරිනී මිය යන විට 47 හැවිරිදි වියේ පසු වූ අතර ඇයගේ සැමියා වන ආර්. සබ්රිරාජ් සබරිරාජ් යනු හිටපු මාධ්‍යවේදියෙකු සහ වෙළඳ ප්‍රචාරණ ආයතන හිමිකරුවකු වූ එස්.එන්. රාමචන්ද්‍රන්ගේ පුත්‍රයාය. භවධරිණි ශ්‍රී ලංකාවේදී ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වී තිබූ බවද ඉන්දීය පුවත් වාර්තා කර තිබිණි.
භවධරිණිගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා (27) ගුදලූර්හි පිහිටි නිවසේදී සිදු කෙරිණි.