ජනප්‍රිය නළුවෙකු මෙන්ම වැඩසටහන් පූරකයෙකු ලෙසද කටයුතු කරන ධනංජය සිරිවර්ධන පසුගියදා පළ කළ සමාජ ජාල සටහනකට ප්‍රතිචාර දක්වමින් ඇතැමෙකු නළුවාට මරණීය තර්ජන එල්ල කර තිබෙනු දක්නට ලැබේ.
පසුගිය දිනක ඔහු සිය ෆේස්බුක් ගිණුමේ 'සමහර ප්‍රශ්නවලට උත්තරය මරණයමයි...' යනුවෙන් කළ සටහන සමග කෝප වූ අයකු ධනංජයට අපහාසාත්මක ආකාරයේ ප්‍රතිචාර සහ මරණ තර්ජන එල්ල කර තිබෙනු දක්නට ලැබිණි.
අදාළ ප්‍රතිචාර දැක්වූ තැනැත්තා ධනංජයගේ සටහන හදිසි අනතුරකින් මිය ගිය සනත් නිශාන්ත ඇමතිවරයාගේ මරණය හා සමව ගෙන නළුවාට මෙසේ තර්ජනය කර තිබෙන අතර පසුව 'මගේ පේජ් එක මගේ පෞද්ගලිකත්වය මිස දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය වූවක් නොවේ...' යනුවෙන්ද නළුවා එයට අදාළව පැහැදිලි කර තිබිණි.
කෙසේ නමුත්, කලාකරුවෙකු නොව සාමාන්‍ය මිනිසෙකුට පවා මෙසේ මරණීය තර්ජන එල්ල කිරීම අප කිසිසේත් අනුමත කරන්නේ නැත. සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමක ඉලක්කසහගතභාවයකින් තොරව කිසියම් සටහනක් පළ කළ බව අදාළ තැනැත්තා පුන පුනා කියද්දීද මාරාන්තික තර්ජන එල්ල කිරීම රටේ සාමාන්‍ය පැවැත්ම ගැන බරපතලව සිතීමට හේතුවක්ද වෙයි.