ශ්‍රී ලංකාවේ වැටුප් පිළිබඳව කතා කිරීමේදී ඉතා දිගු කාලයක් මුළුල්ලේ නොවිසඳුණු වතුකර ප්‍රජාවගේ වැටුප් ගැටලුව ගැන ඉහළින්ම කතාබහට ලක් වේ.
මෙම ගැටලුව ගැන විවිධ කතාබහ ඇති වුවත් ඒ සඳහා කිසිදු විසඳුමක් නොලද අවස්ථාවක මෙම දිගුකාලීන වැටුප් ගැටලුව වාර්තා වැඩසටහනකින් කතාබහට ලක් කිරීමට නිර්මාණාත්මක විසඳුම් සඳහා වන මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.