මනස පිනවීම හැරුණු විට සිරුර පිනවීමටත් ගීත අසන රසිකයෝ කොතෙකුත් සිටිති. එනම්, ගීතයක් අසා, බලා රස විඳීම වෙනුවට එසේ අසන අතරේදී එය ගැයීමට සහ නර්තනයේ යෙදීමටත් ප්‍රිය කිරීම ගීතයක ඇති රසාලිප්ත බවේ උච්චතම අවස්ථාවක් වේ. ඇතැමෙකු ගීත අසන්නේ නර්තනයේ යෙදීම සඳහා පමණි. ලෝකයේ බොහෝ කලාපවල, රටවල මේ තත්ත්වය අවබෝධ කරගත් කලා අවකාශවල නර්තනයේ යෙදීමට ගීත නිර්මාණ කරනු සුලභව දක්නට ලැබේ. ආසියාතික රටක් හැටියට ගැනෙන ශ්‍රී ලංකාවද ඉහළ සාස්ත්‍රීය අගයක් සහිත සවන්, මන පිනවන ගීත අසන අය මෙන්ම නර්තනයේ යෙදීම සඳහා ගීත ප්‍රිය කරන පාර්ශ්ව හිඳිති. ඒ සඳහා නිර්මාණකරණයේ යෙදෙන සංගීත භූමිකාද සිටිති.
ඉන්දියාව යනු ශාස්ත්‍රීය සංගීතයේ සහ මන පිනවන සංගීතයේ ලොව පළමු රටවල් අතරින් එකක් වුවත් නර්තනයේ යෙදෙන ගීත සඳහා අතීතයේ සිටම නිර්මාණකරණයේ ඉඩ වෙන් කළ රටකි. ඉන් කොලිවුඩය හෙවත් දෙමළ සිනමාව මුල් කොටගත් තමිල්නාඩුවද නර්තනයේ යෙදෙන ගීත සඳහා නිර්මාණකරණයට ප්‍රසිද්ධය. මේ එවැනි සාගරයක් වැනි ගීතවලින් බිඳක් වන හොඳම ගීත කිහිපයක් ගැන සිහිපත් කිරීමකි.
ජේලර් චිත්‍රපටයේ 'කාවාලා'
රජිනිකාන්ත්ගේ ජේලර් චිත්‍රපටයේ මෙම ගීතය සෑම සවනකම රැඳුණ අතර උත්සව, නර්තන අංග, සම්මාන උලෙළ, වෙළඳ දැන්වීම් සඳහා මෑතකදී මෙම ගීතය යොදා නොගත් තැනක් නැත. අරුන්රාජ් කාමරාජ් රචනා කළ ගීතය වර්තමානයේ කොලිවුඩය ජයගත් සුපිරි සංගීතඥයා වන අනිරුද් රවිචන්දර්ගේ සංගීත සංයෝජනයෙන් රසවත් වී ඇත. ජානි විසින් නර්තන නිර්මාණය කළ ගීතයට තමන්නා භාටියා තමන්ගේ සුපිරි නර්තන විලාසය දායක කරගැනීමත් ආවේණික නර්තන පියවර අනුගමනය කිරීමත් මෙය සදාකාලිකව නර්තනයේ යෙදීමට හැකි ගීතයක් බවට පත් කළේය.
ඩී.ජේ. තිල්ලුහි 'තිල්ලු අන්නා ඩීජේ. පෙඩිතේ'
2022 නිකුත් කෙරුණ ගීතය එම වසරේ වඩාත් විනෝදකාමී ගීතයක් විය. රාම් මිරියාල සංගීත සංයෝජනය කළ, කසර්ල ශ්‍යාම් පද රචනා කර ගීතය ගායනා කළේය.
වික්‍රාන්ත් රෝනාහි 'රා රා රක්කම්මා'
සුදීප් රංගනයෙන් දායක වූ වික්‍රාන්ත් රෝනා චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයකි. ශ්‍රී ලාංකික නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් පෙනී සිටි ගීතය අජනීශ් ලෝකනාත් තනු, ජානි මාස්ටර් නර්තනය නිර්මාණ කළ සෑම තැනකම උත්සවවල වාදනය වූ නර්තන ගීතයකි.
පුෂ්පාහි 'ඕ අන්තාවා'
අල්ලු අර්ජුන් සහ සමන්තාගේ නර්තනය සහිත මෙම ගීතය ආරම්භයේ සිට අවසානය දක්වාම නර්තනයෙන් සමන්විතය. දේවි ශ්‍රී ප්‍රසාද්ගේ සංගීතය, ඉන්ද්‍රවතී චෞහාන්ගේ හඬ සහිත ගීතය අනිවාර්යෙන්ම වැයෙන උත්සව ගීතයක් වී තිබේ.
පුෂ්පාහි 'සාමි සාමි'
දකුණු ඉන්දියාවෙන් පිට බොහෝ රටවල ජනප්‍රිය වූ ගීතයේ දේවී ශ්‍රී ප්‍රසාද තනු සකසා ඇත. ජාතික උන්මාදයක් හැටියට සලකන රශ්මිකා මන්දනා නිළිය නර්තනයෙන් දැක්වූ දායකත්වයද නර්තනයට තවත් වටිනාකමක් එක් කර තිබේ.
Love And Action Dramaහි 'කුඩුක්කු'
නර්තන ගීත ගොන්නක මෙම ගීතය අඩංගු නොවේ නම් එම ගීත ලයිස්තුව අසම්පූර්ණැයි සිතෙන තරම ගීතය ජනප්‍රිය ය.
මාරි හි 'රවුඩි බේබි'
ධනුෂ්ගේ සහ සායි පල්ලවීගේ නර්තන දක්ෂතාවේ බලපෑමත් සහිතව අමතක නොවන වදන් යොදා සකසන ලද ගීතය සිඟිත්තන් පවා නර්තනයට පොළඹවන ගීතයකි. අනිරුද් රවිචන්දර් මෙයින් තමන්ගේ හැකියාව තහවුරු කළ සංගීතඥයකු බව පෙන්වයි.
ඔස්තේ හි 'කලාසල'
ඉන්දියාවේ සරාගී නිළියක් වන මල්ලිකා ශෙරාවත්ගේ නර්තනය සහිත ගීතයේ ජවසම්පන්න බව නර්තනයකින් තොරව විඳිය හැකි එකක් නොවේ.
ශිවන්ති ප්‍රනාන්දු; පින්ක්විලා ලිපියක් ඇසුරින් කළ සටහනකි.