විජේ වර්මා යනු ඉන්දීය සිනමා ක්ෂේත්රයේ චරිතාංග නළුවෙක්. ඔහුගේ දක්ෂතා වාණිජ චිත්‍රපටවල බෙහෙවින් දකින්න නොලබුණද සෑම විටම සිය රඟපෑම්වලින් ප්‍රේක්ෂකයින්ගේ අවධානය ගන්නා නළුවෙකු හැටියට විජේ වර්මා හැඳින්විය හැකිය.
She, Pink, Darlings, Jane Jaan චිත්‍රපටවලින් ඔහු පෑ පෙළහර ඔහු ගැන වටහාගැනීමට ප්‍රමාණවත් වේ.
මනීෂ් මල්හෝත්‍රාගේ සහාය ඇතිව සිය මීළඟ චිත්‍රපටයට සූදානම් වන විජේ වර්මා පසුගියදා සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේ ප්‍රශ්නෝත්තර සැසියක් (Q And A) පැවැත්වූ අතර එහිදී ඔහුගේ පිළිතුරු අවශ්‍ය අයට ඔහු ආන්දෝලනාත්මක උත්තර ලබා දුන් අවස්ථාද තිබිණි.
එක් රසිකයෙකු 'කබ් ශාදි කරේ?' (විවාහ වෙන්නේ කවදාද) යනුවෙන් ඇසූ පැනයකට විජේ ප්‍රතිචාරයක් දෙමින් විජය පවසා තිබුණේ 'මට ඇසුණා හයිද්‍රාබාද් භාෂාවෙන් ලේලිය දැනටමත් අම්මාගෙන් ප්‍රශ්න අසනවා' යනුවෙනි.
විජේගේ මෙම ප්‍රතිචාරය ඔහු දකුණු ඉන්දීය නිළි තමන්නා භාටියා සමග විවාහය සැලසුම් කරන බවට සඳහන් කරමින් පැය කිහිපයක් තුළ ඉන්දීය මාධ්‍යවල පුවත් පළ කර තිබිණි.
විජේ සහ තමන්නා අවසානයටම රඟපෑ 'Lust Story 2'හි ඉතා හොඳින් ගැලපෙන යුවලක් ලෙස රඟපෑ අතර ඔවුන් දෙදෙනා ඉන් අනතුරුව නිතර එක්ව උත්සව අවස්ථා සඳහා සහභාගි වනු දක්නට ලැබිණි. කෙසේනමුත්, හයිද්‍රාබාද්හි උපන් අයකු වන විජේ ඔහුගේ භාෂාවෙන් නිවසේ ලේලිය මව සමග කතා කරනවා කීවේ තමන්නා ගැනද යන්න තහවුරු කර කියා තිබුණේ නැත.