මෙවර බදුල්ල ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ආගන්තුක සත්කාරය, සංචාරක ව්‍යාපාර සහ සිද්ධි පිළිබඳ කළමනාකරන උපාධි පාඨමාලාව තෙවන වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් වාර්ෂිකව සංවිධානය කරන ගැලීනාවට ඊජිප්තු මුහුණුවරක් ලැබී තිබිණි.
පැරණි ඊජිප්තු තේමාවට අනුව සකසන ලද තරු පහේ හෝටලයක සියලුම අංග එහිදී නිර්මාණය කරනු ලැබ තිබිණි.
'ඊජිප්තුවට සවාරියක්' හැටියට හඳුන්වමින් සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට ඊජිප්ත් ඇඳුම් පැළඳුම්, එම ආචාර ක්‍රම විධි, නර්තන අංග යනාදියද ඇතුළත් කර තිබිණි.