ඉන්දියාවේ සරාගී වීඩියෝ සහ චිත්‍රප්ට සඳහා ප්‍රසිද්ධ නිළියක වන, 'ලොක් අප්' කතා මාලාවේ රඟපෑමෙන් දායක වන පූනම් පාණ්ඩේ සිය කාන්පූර් නවාතැනේදී ජීවිතයෙන් සමුගත් බව ඇයගේ කළමනාකාරිනිය නිල වශයෙන් පූනම්ගේ 'ඉන්ස්ටග්‍රෑම්' ගිණුම ඔස්සේ දැනුම් දී තිබුණද ඊයේ (03) සජීවී වීඩියෝවකින් පූනම් සඳහන් කර තිබුණේ තමන් මිය ගොස් නැති බවය.
ටයිම්ස් ඔෆ් ඉන්දියා, ඉන්ඩියා ටුඩේ, හින්දුස්ථාන් ටයිම්ස් වැනි වගකිව යුතු ඉන්දීය ජාතික මාධ්‍ය පවා වාර්තා කළ පූනම්ගේ මරණය ඇතැම් විට අසත්‍යයක් බව බොහෝ පාර්ශ්ව සඳහන් කර තිබුණේ ඇය මීට පෙරද කිහිප වතාවකදී තමන් මිය ගිය බවට තමන් විසින්ම අසත්‍ය පුවත් මවනු ලැබීම හේතුවෙනි.
පූනම් පෙබරවාරි 01 වැනිදා රාත්‍රියේ මිය ගිය බව ඇගේ කළමනාකාරිනිය වන පාරුල් චවුලා තහවුරු කර තිබූ අතර එහෙයින් එම ප්‍රවෘත්තිය නිල වශයෙන් පූනම් මිය ගිය බවට තහවුරු කිරීමක් විය.
කෙසේ නමුත්, තම වීඩියෝවෙන් පූනම් පවසා තිබුණේ තමන් මරණයට පත් වීමට හේතුව ලෙස ගැබ් ගෙල පිළිකාව බව සඳහන් කිරීමෙන් ඒ පිළිබඳව ජනතාවට අව්බෝධයක් ලබා දීමට තමන් කටයුතු කළ බවයි.
පූනම් මිය ගිය බවට පළ වූ පුවතට දින 04කට පෙර ගෝවාහි සාදයකටද ඇය සහභාගි වූ බවත් ගැබ්ගෙල පිළිකාව පූනම් මෙන්ම කාන්තාවන් ගොදුරු කරගන්නා නිහඬ මිනීමරුවකු ලෙසත් 'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' හඳුන්වා දී තිබුණි.
නශා, ද ජර්නි ඔෆ් කර්ම, ආගයා හීරෝ මෙන්ම කත්රෝන් කි කිලාඩී වැඩසටහන් හේතුවෙන් පූනම් ප්‍රසිද්ධ වූවාය.
කෙසේ නමුත්, මේ වන විට පූනම් මිය යාම ඉන්දියාවේ ජනප්‍රියම විහිළුව බවට පත් වී තිබේ.
ශ්‍රී ලංකාවේ භාරත රසික සිනමා සංසදයේ ප්‍රධාන ලේඛකයින්ගෙන් එක් අයකු වන M.M.P. රණවීරද සඳහන් කර තිබුණේ 'කවදහරි පූනම්ට වෙන්නෙත් කොටියා ආවෝ කියන කතාව වගේ තමයි' යනුවෙනි.