ජනක මුණසිංහ රංගන ශිල්පියා ඊයේ (03) නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී වේදිකාගත වුණ මනමේ නාට්‍යයේ වැද්දා ලෙස තෝරාගනිමින් වේදිකාවේ රඟදැක්වීමට සහභාගි විය.
තමන් රඟපෑ දර්ශන කිහිපයක ඡායාරූප ජනක සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ අතර 2008 වර්ෂයේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ සමගින් ලලිතා සරච්චන්ද්‍ර මහත්මියගේ නාට්‍ය පුහුණු සඳහා ජනක මුලින්ම සම්බන්ධ වී තිබුණේ ගායන කණ්ඩායමේ සාමාජිකයෙකු හැටියටය.
එම ආරම්භයේ සිට සෑම මොහොතක්ම අභියෝගයක් කොට, රසවත් කර විඳිමින් තමන් මෙම තත්ත්වයට ආ බව ජනක පෙන්වා දී තිබේ.
සාමාන්‍යයෙන් නාට්‍ය කලාවේ ටෙලි, සිනමා නළුවන් හැටියට රඟපෑම සහ ඒවායේ රඟපාන චරිත ගැන උත්කර්ෂයෙන් පසු වන නළුවන් බොහෝ දුටුවද වේදිකාවක තමන් ලද චරිතයක් වෙනුවෙන් බොහෝ කල් කැපවීම සහ එහි ලද අවස්ථාව සම්බන්ධයෙන් සතුටු වන නළුවන් බොහෝ විරලය.
ජගත් මුණසිංහ නළුවාද එවැනි දුර්ලභ ශිල්පීන් අතර තවකෙකි.
ඡායා: දිනිති පෙරේරා, ළහිරු ගුණසිංහ (ජගත් මුණසිංහ ෆේස්බුක් ගිණුම)