බ්‍රිතාන්‍යයේ එළිදකින සාහිත්‍ය කෘති සඳහා වාර්ෂිකව ලබා දෙන 'බුකර් සම්මාන' 2022දී ලබා ගාත් කෘතිය වන ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලකගේ The Seven Moons of Mali Almeda කෘතියේ සිංහලට පරිවර්තනය කළ ග්‍රන්ථය මේ වන විට මුද්‍රණය කර තිබේ.
සරසවි ප්‍රකාශන ලෙසින් 'සත්සඳ' නමින් දිලීප අබේසේකර අතින් රචනා කෙරුණු කෘතිය ඒ අනුව සිංහල පාඨකයින්ට කියවීමේ අවස්ථාව උදා වී ඇත.
ශෙහාන් කරුණාතිලක ලද බුකර් සම්මානය හේතුවෙන් ශ්‍රී ලාංකික ලේඛකයන් ගැන වන ලෝක අවධානයද ලැබුණ අතර සිංහල පාඨකයාට මෙය කියවීමේ අවස්ථාව ඉක්මනින් ලබා දීමට කතුවරයාද, පරිවර්තකයාද ඒ අනුව යුහුසුළුව කටයුතු කර තිබෙන බව පැහැදිලිය.