යාපනය සිනමා සම්මාන උලෙළෙන් අනතුරුව එහිදී ඇති වූ අවධානය පරිදි 1981 බර්ලින් සිනමා උලෙළේ රිදී සම්මානලාභී 'Akaler Shandhaney' - In Search of Famine (115"|1980' චිත්‍රපටය තිරගත කිරීමට පෙබරවාරි සිනමා සංසදය පියවර ගෙන ඇති බව එහි සාමාජික අනෝමා රාජකරුණා සඳහන් කරයි.
පෙබරවාරි 07 සවස 06ට ගෝතේ ආයතනයේදී චිත්‍රපටය තිරගත කිරීමට කටයුතු යොදා තිබෙන අතර මෙය ඉන්දීය ජනප්‍රිය චිත්‍රප්ට අධ්යක්ෂ ම්රිනාල් සෙන්ගේ චිත්‍රපටයකි.
1943 වර්ෂයේදී බෙංගාලි වැසියන් මිලියන පහක් මිය යාමට හේතු වූ සාගත තත්ත්වය ගැන චිත්‍රපටයක් සෑදීමට එම ගමට යන චිත්‍රපට කණ්ඩායමක් එම ගමේ ජීවිතය, තම ජීවිතය අතර ස්ථානගතව චිත්‍රපටය නිර්මාණය වී ඇත.
ඩ්රිටිමන් චැටර්ජී, ස්මිතා පටිල්, ගීතා සෙන්, රාජේන් තරෆ්දාර්, ස්රීලා මාසුම්ඩර්, රාධමෝහන් භට්ටාචාර්යා, ජයන්ත චෞද්රි, දීපන්කර් ඩී රංගනයෙන් දායක වෙති.
ජනප්‍රිය ඉන්දීය චිත්‍රපට නිෂ්පාදයකු වන ම්රිනාල් සෙන් ඉන්දියාවේ තුන්වැනි ගණයේ සිනමාව පිළිබඳව අදහස් සහ ඒ පිළිබඳ භාවිතාව ව්‍යාප්ත කිරීමේ ප්‍රමුඛතම චරිතයක් වන අතර යාපනය ජාත්‍යන්තර සිනමා උලෙළේදී (දෙසැම්බර් 09) ඔහුගේ ජන්ම දින සැමරුමක් කළ උලෙළේ සංවිධායකයෝ ඔහුගේ නිර්මාණ පිළිබඳව අතීත ආවර්ජනයක්ද සිදු කළහ.