විශාරද අභිෂේකා විමලවීර වර්තමානයේ ගායන ක්ෂෙත්රයේ සිටින කලාකරුවන් අතර තමන්ට ආවේණික ආරක ගීත නිර්මාණයට යොමු වූ ගායිකාවකි.
සිය හඬ මෙන්ම පද රචනා හැකියාව, රූපය ගීතයත් සමග ගැලපීම යනාදියේදී සමර්ථ කලාකාරිනියක වන අභිෂේකාගේ අලුත්ම ගීතය 'උපන්දා සිට' පසුගියදා අභිෂේකාගේ යූටිබ් නාලිකාවෙන් නිකුත් කෙරිණි.
ප්‍රනීර්ෂා ත්‍යාගරාජා යනු සිරස 'වොයිස් ටීන්' වැඩසටහනේ අභිෂේකාගේ අනුග්‍රහය දැක්වූ තරඟකාරිනියයි. ඇය සමග අභිෂේකා නිකුත් කළ දෙවැනි ගීතය ලෙස 'උපන්දා සිට' හැඳින්විය හැකිය.
අභිෂේකාගේ, ප්රනීර්ශාගේ හඬ එකතුව මෙම ගීතයෙන් ඉතා රසවත්ව විඳිය හැකි අතරම ගීතයේ ගැඹුරද එහි වචනවලින් වටහාගත හැකිය.
'මේ ගීය ගයන අවසන් පරම්පරාව අපි වේවා' යැයි ගීතයේ ආරම්භයේ පවසන්නේ රටක් හැටියට වැටී සිටීම අනුමත කළ නොහැක්කක් බව පවසමිනි.
දස මහා යෝධයෝ රැක ගත්ත අම්මාව
වෙන්දේසි ලංසුවට විකිණලා
පියවුරෝ ගලවලා කිරි නහර ගැට ගසා
පොඩි එවුන් බඩගින්නෙ තනි කළා
කළලෙ උන් පොඩි පැටව් අම්මාගෙ රුව නොදැක
මොණර කොළ හොයන්නට ඉගිළුනා
රිදෙනවා කිව්වාම පියවුරෝ නැති ළමැද
පුරවන්න සිංහයෙක් නැති වුණා
මම තමයි ලංකාව - මුතු ඇටය ඉන්දියන් සාගරේ
බේරපන් උඹෙ ළමයි මැරෙනවලු අන්න සාගින්දරේ
මම තමයි ලංකාව- කදුළු බිංදුවයි මං මහා සාගරේ
දැන දැනම කළ පවට දෙන්න දඩුවම් තියෙද
අවනඩුව විසදපන් ස්වාමිනේ///
මම තමයි ලංකාව විලාපය මගේ දැන් අසාපන්
හීනයක් නැති රටේ හීන කොළ ඉරා ගිනි තියාපන්
හත් දොහේ දානයට අම්මාගෙ මළ මිනිය උයාපන්
එහෙම හරි වේලකට දරුවන්ගෙ සාගින්න නිවාපන්..
..