බොලිවුඩයේ සිටි ජනප්‍රිය නිළියක් වන ඊශා ඩියෝල් සිය සැමියා වන භාරත් තක්තානි සමග වන විවාහ ජීවිතයෙන් නීත්‍යානුකූලව ඉවත් වන බව ඊයේ (06) නිවේදනය කර තිබේ.
බොලිවුඩයේ ජනප්‍රිය නළුනිළි යුවලක් වන ධර්මේන්ද්‍ර සහ හේමාමාලිනීගේ දියනියද වන ඊශා මේ බව පසුගියදා නිවේදනය කළාය.
වසර 11ක් පැවති විවාහ ජීවිතයට සමුදීමට ගත් තීරණය කෙසේවුවත් ඔවුන් බොලිවුඩයේ ආකර්ෂණීය යුවලක් වීම හේතුවෙන් ඊශාගේ මෙන්ම ඇගේ මව පියාගේ රසිකයින් පවා කම්පාවට පත් වී සිටින බවක් පෙනෙන්නට තිබේ.
භාරත් තක්තානි යනු ඉන්දියාවේ ව්‍යාපාරිකයකු වන අතර
වර්තමානයේ 1950දී ආරම්භ කළ ඔහුගේ පවුලේ ව්‍යාපාරයක් වන සාර් ජුවෙල්ස් ප්‍රයිවට් ලිමිටඩ්හි අධ්යක්ෂවරයා වන්නේය.
අන්තර් පාසල් තරඟයකදී පළමුව හමු වූ ඊශාට භාරත් ටිෂූ කැබැල්ලක ලියා තමන්ට පළමුව ආදරය ප්‍රකාශ කළ බව ඊශා මීට පෙරදී පවසා තිබිණි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව හමු වූ දෙදෙනා 2012දී විවාහ විය. විවාහයට බොලිවුඩයේ දැවැන්ත චරිත සහභාගි වූහ. 2017 සහ 2019දී දරුවන් දෙදෙනෙකු ඊශා බිහි කළ අතර දෙවැනි දරු උපතෙන් පසුව භාරත් ගැන නොසලකා හැරීමක් සිදු වූ බව ඇය සිය පොතක ලීවාය. එක් දරුවකුගේ ක්‍රීඩා පාසලේ අසමත්වීම් මෙන්ම දෙවැනි දරුවා පෝෂණය කිරීමේ කටයුතු හේතුවෙන් තමන්ගෙන් භාරත් ගැන අවධානය ගිලිහුණු අතර පොතක් ලිවීමට යොමු වීමද හේතුවක් වූ බව ඊශා පවසා තිබිණි. සිය පෞද්ගලික සිදුවීම් කිහිපයක්ද ඊශා පවසා හෙළි කර තිබූ නමුත්, භාරත් වෙනුවෙන් සිය ජීවිතය වෙනස් කරගත් බවද ඇය කියා තිබිණි.
කෙසේනමුත්, ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සිය දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන අතර එකිනෙකාගේ ජීවිත වෙත ගෞරවය දක්වමින් දෙදෙනා වෙන් වන බවට රාහුල් සහ ඊශාගේ නිවේදනයක් පුවත්පත්වල පළ විය.
හේමාමාලිනියගේ මීට මාස කිහිපයකට පෙර පැවති උපන්දින උත්සවයට භාරත් නොආ විටදීද දෙදෙනාගේ වෙන්වීම පිළිබඳව කතාබහක් ඇති විය.
ශිවන්ති ප්‍රනාන්දු - අන්තර්ජාල ලිපියක් ඇසුරින්