ඉන්දීය රංගන ශිල්පිනියන් අතර ජනප්‍රිය සහ සුරූපී රංගන ශිල්පිනියක් වන තමන්නා භාටියා අද (09) යාපනයට පැමිණියේ ඉහළ ජනප්‍රසාදයක් මධ්‍යයේය.
හින්දි භාෂාවෙන් 'පැතුම' යන අර්ථය දෙන තමන්නා නමේ අර්ථයෙන්ම ඇය දැකීමට රසිකයා තුළ ඇති ප්‍රාර්ථනා පෙන්නුම් කරන නිළියක් බව අද දිනයේ එහෙයින් සනාථ විය.
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොලට ඇය අද උදෑසන ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වී තිබිණි.
මෑතකදී අවධානයට ලක්වූ ඉන්දීය චිත්‍රපට කිහිපයකම දකනට අවස්ථා ලද තමන්නා භාටියා වර්තමානයේ දකුණු ඉන්දීය සිනමාවේ සිටින ධනවත්ම නිළියන අතර එක් අයකුද වන්නීය. මීට මාසයකට පමණ පෙර ශ්‍රී ලංකාවේ කැසිනෝ ශාලා ප්‍රවර්ධන අවස්ථාවකට තමන්නා සහභාගි වුවත් මෙවන් ජන ප්‍රසාදයකට ලක් වනු දකින්නට නොලැබුණි.
දකුණු ඉන්දීය චිත්‍රපටවල වැඩියෙන් දුටුවත් තමන්නා තමන්ගේ සිනමා ගමන ආරම්භ කරලා තියෙන්නේ හින්දි චිත්‍රපටයක් හරහායි.
2005 වසරේ ප්‍රදර්ශනය වුණ චාන්ද් සේ රෝෂන් චෙහෙරා (හඳ වගේ එළිය ඇති මුහුණ ) කියන චිත්‍රපටය තමන්නාගේ පළමු චිත්‍රපටයයි. අෆ්ටාබ් ශිවදාස්නි කියන බොලිවුඩ් සිනමා නළුවා සමග ඒ චිත්‍රපටයේ රඟපාන විට තමන්නාට හරියටම වයස අවුරුදු 18ක් විය.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නගරයේ උපන් තමන්නාගේ පියා සන්තෝෂ් දියමන්ති ව්‍යාපාරිකයෙක්. මව රාජනි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක්. තමන්නාට ආනන්ද් යනුවෙන් වැඩිමහල් සහෝදරයෙකු සිටී.
පාසල් වියේ සිට නර්තනයට බෙහෙවින් දක්ෂ වූ තමන්නා නිරූපිකාවක් විදිහට වැඩ ආරම්භ කළ ගමන අද ශ්‍රී ලංකාවේ සංචාරය තෙක් මෙන්ම එතැනින් එහාටද ව්‍යාප්ත වී අවසන් වන්නේය. නර්තන හැකියාව ඉහළින්ම තිබීම හේතුවෙන් ඉන්දියාවේ සිනමා රසිකයින් පිනවන ගීත ගණනාවක ජනප්‍රියම මුහුණ වීමට තමන්නාට හැකි වන්නේ එහෙයිනි. දෙමළ, තෙළිඟු වගේම බොලිවුඩ් චිත්‍රපට සියයකට ආසන්න ප්‍රමාණයක් රඟපෑ රාජ්මෞලී විසින් නිර්මාණය කරන ලද බාහුබලී චිත්‍රපටයේ අවන්තිකා කියන චරිතය බොහෝ දෙනෙකු දන්නා රංගනයක් වේ. රජිණිකාන්ත්ගේ 'ජේලර්'හි 'කාවාලා' ගීතයෙත්, විජය වර්මා සමග රඟපෑ 'ලස්ට් ස්ටෝරි 2' චිත්‍රපටයෙත් ඇය පසුගිය වසරේ පෙනී සිටියාය. 2023 වෙනුවෙන් ලැයිස්තුගත කළ ආසියාවේ සරාගිතම නිළියන් අතර නවවැනි තැන හිමි කරගත්තේද තමන්නා වේ.
මිලියන 23.7ක රසික පිරිසක් සිටින ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් ඇති ඇය දකුණු ඉන්දීය සිනමාවේ කෝටි සියයකට අධික වත්මක් ඇති එකම නිළියද වන්නීය.
මේ වසරේ විවාහ වීමට නියමිත බවට වන ආරංචි සමගින් කාලය ගෙවන මේ නිළිය මේ දිනවල යාපනයේ පැවැත්වෙන 'හරිහරන් ලයිව් ඉන් කොන්සට් සහ ස්ටාර් නයිට්' සඳහා සහභාගි වීමට යාපනයට පැමිණි බව මේ වන විට දැනගන්නට තිබේ.
යාපනයේ සහෝදර මාධ්‍යවේදී ශ්‍රී රාමචන්ද්‍රන් මයුරධරන් තමන්නාගේ පැමිණීම ගැන වාර්තා කරමින් එහි පැවති තදබදය පිළිබඳව වාර්තා කර තිබුණේ මාධ්‍ය කටයුතු පවා අවහිර වීමට තමන්නාගේ පැමිණීම බලපා තිබූ බවය.