අභිෂේක් බච්චන් පසුගියදා රසික අවධානය දිනාගත්ත සිදුවීමක් හැටියට 'තමන් ආදරය මවා පෙන්වන අයකු නොවේ' යනුවෙන් කළ සඳහන බොහෝ සේ කතාබහට ලක් වී තිබිණි. කෙසේනමුත්, ඔහු සහ සිය බිරිඳ අයිශ්වර්යා ළඟදීම රිදී තිරයේ එකට දක්නට ලැබෙන බවද අභිෂේක් පවසා තිබුණේ ඉන්දීය පුවත්පතකට පුවත්පත සමග කළ සංවාදයකට සහභාගි වෙමිනි.
ලෝක රූ රැජිණ ලෙස 1994දී කිරුළු පැළඳි අයිශ්වර්යා රායිගේ සැමියා වන අභිෂේක් ඇතැම් අවස්ථාවල බිරිඳගෙන් දුරස් චරිතයක් හැටියට කටයුතු කරනු පෙනෙන්නට තිබීමත්, ඔවුන් විවාහයෙන් නීත්‍යානුකූලව වෙන් වන බවට වන වරින් වර තහවුරු නොකළ පුවත් මතු වීමත් හේතුවෙන් දෙදෙනා අතර ඇත්තේ ආදරණීය සම්බන්ධයක් නොවන බවට ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබිණි.
ආරධ්‍යා බච්චන්ගේ මව වන අයිශ්වර්යා සෑම විටම දියනිය තමන් භාරයේ තබාගැනීමෙන් දියනිය ගැන ඇති බැඳියාවද ඉහළ බව පෙනෙන්නට ඇති කාරණයකි.
කෙසේනමුත්, මෑතකදී තමන්ගේ 48 වැනි උපන්දිනයට' පුවත්පත සමග කළ සාකච්ඡාවකදී අභිෂේක් පවසා තිබුණේ ආරධ්‍යා තමන්ගේ සහ අයිශ්වර්යාගේ ජීවිතයේ ආලෝකය වන බවයි. ඇය වෙනුවෙන් අයිශ්වර්යා දක්වන කැපවීම ගැන ඉතා අගය කරන අතර පවුලට ඇති ආදරය තමන් මවා පෙන්වන නළුවෙක් නොවන බව අභිෂේක් එහිදී පැහැදිලි කර තිබිණි. නුදුරේම තමන් සහ අයිශ්වර්යා තිරයේ එකට දකින්නට ලැබෙනු ඇති බව අභිෂේක් එහිදී තහවුරු කළේ එහිදීය.