සිය නැගණිය යැයි හඳුන්වා දුන් දියනිය පසු කලෙක ඝාතනයට ලක් කළ ඉන්දියාවේ ප්රමුඛ පෙළේ කාන්තාවක් වන ඉන්ද්‍රානි මුඛර්ජී පිළිබඳව වන සත්‍ය කරුණු පාදක කරගෙන සැකසුණු මීළඟ ඉන්දීය 'නෙට්ෆ්ලික්ස්' කතාව වන The Indrani Mukerjea Story: Buried Truth මේ මස සිට නැරඹීමේ අවස්ථාව ලැබේ.
'
ශීනා බෝරා ඝාතනය' යනුවෙන් ප්‍රසිද්ධ සිදුවීමට සම්බන්ධ ඉන්ද්‍රානි මුඛර්ජී සහ ඇයගේ පෙර සැමියා සහ වත්මන් සැමියා සහ රියදුරාද චෝදනාවට ලක් වූ මෙම සිදුවීම මීට පෙර මහිමා චෞද්රි සහ රියා සෙන් රංගනයෙන් දායක වූ Dark Chocolate චිත්‍රපටය සඳහා පාදක කරගෙන තිබිණි.
මුම්බායිහි ආයතනයක විධායක නිලධාරිනියක වන ෂීනා බෝරා 2012 අප්‍රේල් 24 වැනිදා අතුරුදහන් වීමත් වසර තුනකින් අනතුරුව ඇගේ මව ඉන්ද්‍රානි ඇතුළු අපරාධකරුවන් හැටියට චෝදනාවට ලක් වීමෙන් මෙම සිදුවීම සාකච්ඡාවට ගැනේ.
ශීනා පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට වන චෝදනාව ඔවුන්ට එල්ල වී තිබිණි. ශීනාගේ පළමු සුළු පියා සිදුවීම ගැන පාපොච්චාරණය කළ අතර දෙවැනි සුළු පියා ඇය ඇමරිකාවේ ජීවත් වන බව පවසා තිබිණි.
ශීනාගේ සොහොයුරු, ඉන්ද්‍රානි මුඛර්ජීගේ පුත්‍රයා මිඛායෙල් වන අතර ඇගේ පියා, ඉන්ද්‍රානිගේ පළමු සැමියා සිද්ධාර්ථ් දාස් වේ. දරුවන් සිය මව - පියා භාරයේ තබමින් පෝරි බෝරා ලෙස හැඳින්වූ ඉන්ද්‍රානි මුඛර්ජී කල්කටාවේ පරිගණක අධ්‍යාපනයට ගොස් දියුණුවට පත් වූ තැනැත්තියකි. පසුව පිළිගත් සමාගම් වන මානව සම්බන්ධතා සහ මාධ්‍ය විධායක තනතුරු හෙබවූ තැනැත්තියකි.
සංජීව් ඛන්නාගෙන් අනතුරුව පීටර් මුඛර්ජී සමග විවාහ වන ඉන්ද්‍රානි සොයා ශීනා වැඩිහිටි වියේදී මුම්බායට පැමිණෙන අතර ඉන්ද්‍රානි සිය දියනිය හඳුන්වන්නේ නැගණිය ලෙසය.
සිද්ධිය ගැන සැක පළ කර තිබුණේ ඉන්ද්‍රානිගේ තෙවැනි සැමියාගේ පුත්‍රයා වන ශීනා සමග සමීප සම්බන්ධයක් පැවති රාහුල් මුඛර්ජීය.
මෙම සිදුවීම පාදක කරගෙනThe Indrani Mukerjea Story: Buried Truth කතාව හින්දි, තෙලිඟු සහ දෙමළ භාෂාවලින් තිරගත වේ.