නීති ශිෂ්‍ය කවිඳු බිම්සර පාඬිකෝරාලගේ දෙවෙනි කවි පොත "පරයිසෝ" එළිදැක්වීම ඊයේ (13) සවස 2.30ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී පැවැත්විණි.
ඉලක්ෂ ජයවර්ධන, ලක්ෂිකා රත්නායක, ළහිරු කරුණාරත්න, සුමුදු ඉෂංක සුමනසිරි විසින් ප්‍රධාන දේශන එහිදී පවත්වනු ලද අතර මදුෂා උඩලමත්ත සහ කසුන් චන්දිම යනාදීහු ගායනයෙන් වැඩසටහනට එක් වූහ.
මනිෂා අල්වාරස් සහ කවිඳු බිම්සර පාඬිකෝරාල විසින් කවි ගායනා කෙරිණි.
වැඩසටහන මෙහෙයවීම කරනු ලැබුවේ පූර්වී විජේකෝන් විසිනි.