නිතේශ් තිවාරි විසින් අධ්‍යක්ෂණය කරන ලද 2016 වර්ෂයේදී සත්‍ය කතා මාලාවක් ඇසුරින් නිර්මාණය කෙරුණු 'දන්ගල්' චිත්‍රප්ටයේ ප්‍රධාන චරිතයක් වන 'බබිතා' ලෙස රංගනයෙන් දායක වූ තරුණ නිළි සුහානි භට්නාගර් හදිසියේ සිය ජීවිතයෙන් සමුගෙන ඇති බව 'ද හින්දුස්ථාන් ටයිම්ස්' පුවත්පත වාර්තා කර තිබේ.
ආමීර් ඛාන්ගේ චිත්‍රපට නිෂ්පාදන සමාගම නිකුත් කළ ශෝක පණිවුඩයක් අනුව එම පුවත්පත මේ බව වාර්තා කර ඇත.
හින්දි සිනමාවේ ජනප්‍රිය නළු ආමීර් ඛාන්ගේ නිෂ්පාදනයක් වූ දන්ගල් චිත්‍රපටය ඉන්දීය සිනමා ඉතිහාසයේ සලකුණක් වූයේ ඉන්දීය මල්ලවපොර ශූරියන් නිර්මාණය කිරීමේ අව්‍යාජ මල්ලවපොර ගුරුවරයෙකු වන මහාවීර් සිංගේ චරිත කතාව ඇසුරින් චිත්‍රපටය නිර්මාණය කිරීම හේතුවෙනි.
මල්ලවපොර ලෝක ලෝක ශූරියක වන බබිතා ලෙස මිය ගිය සුහානි චිත්‍රපටයේ රඟපෑ අතර ඇගේ චරිතයට බෙහෙවින් ප්‍රශංසා හිමි විය.
ආමීර් ඛාන්ගේ චිත්‍රපට නිෂ්පාදන සමාගම විසින් සුහානිගේ වියෝව ගැන සඳහන් කරමින් ශෝකය ප්‍රකාශ කළද අතර සුහානිගේ මරණයට හේතුව එහි සඳහන් කර නොමැත.
බැබළීමට වඩා චරිතාංග රඟපෑමට යොමු වන නිළියන් අඩු හින්දි සිනමාවට සුහානිගේ වියෝව නිසැකවම සැලකිය යුතු පාඩුවක් වනු ඇත.