වසරකට පෙර නිරූපණ ක්ෂේත්රයට එක්වූ අයේෂිකා ජයවර්ධන වර්තමානය වන විට බොහෝ දෙනෙකු දන්නා හඳුනන දක්ෂ යොවුන් නිරූපණ ශිල්පිනියක් බවට පත්ව සිටියි. නිරූපණ ක්ෂේත්රය තුළ සාර්ථක දිගු ගමනක් යන්නට අපේක්ෂාවෙන් පසුවෙන ඇය මිරර් ආර්ට්ස් තරු කතාබහට මෙසේ එකතු කරගත්තා.
නිරූපණ ක්ෂේත්රයට ඔබේ පිවිසීම සිදු වුණේ කොහොමද?
පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවක් නිසා නිරූපණය හදාරන්න පටන් ගත්තා. දසුන් විජේසිංහ ගුරුවරයා යටතේ The Walk Modal Acadamy හරහා තමයි මම නිරූපණය හැදැරුවේ. ඒ හරහා මම නිරූපණයට සම්බන්ධ වුණා. දැන් ක්ෂේත්රයට සම්බන්ධ වෙලා මම වැඩ කරන්න අරගෙන වසරක කාලයක් වෙනවා.
නිරූපණ ක්ෂේත්රය ගැන ඔබ දරණ අදහස?
නිරූපණය කියන්නේ හොඳ ක්ෂේත්රයක්. තමන්ට ගැළපෙන දේ හරියට තෝරගෙන හොඳ විදිහට වැඩ කළොත් මේ ක්ෂේත්රය හරහා සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
සමාජ මාධ්‍යය හරහා දැන් මේ ක්ෂේත්රයට එකතු වෙන පිරිස වැඩියි?
ඔව්, සමාජ මාධ්‍ය හරහා ආවත් නිරූපණය හරියට හදාරලා තමයි මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න ඕනා. මොකද, පැවැත්මක් තියෙන්න නම් මේ ගැන දැනුමක් හැදෑරිමක් අත්‍යවශ්‍යයි කියලා මම හිතන්නේ. අවංකවම කියනවා නම් ඡායාරූපයකට පෙනී හිටියා කියලා නිරූපණ ශිල්පිණියක් වෙන්න බැහැ.
නිරූපිකාවකට අද තියෙන පිළීගැනීම කොහොමද?
පිටරටවල නිරූපණ ක්ෂේත්රයට තියෙන පිළිගැනීමට සාපේක්ෂව ලංකාවේ නිරූපණයට තියෙන පිළිගැනීම ඇත්තටම ගොඩක් අඩුයි. ඒ ගැන පුංචි කණගාටුවක් තියෙනවා මට.
මේක ඔබේ වෘත්තියද අයේෂිකා?
නැහැ තවමත් මම රැකියාවක් කරන්නේ නැහැ. අධ්‍යාපන වැඩ කටයුතුත් එක්ක තමයි මේ කාලය ගෙවන්නේ. නිරූපණයට පොඩි කාලේ ඉඳලා තිබුණ ආසාව කැමැත්ත නිසා ඒක දිගටම දැන් කරනවා.
මේ ක්ෂේත්රය තුළ දිගටම රැදෙන්න අදහසක් තියෙනවාද?
ඔව්. මේ ක්ෂේත්රයට මම ගොඩක් කැමැතියි. ඉතින් ක්ෂේත්රය තුළ නිරූපණ ශිල්පිනියක් විදිහට දිගු ගමනක් යන්න ආසාවෙන් ඉන්නවා. මම මේ ක්ෂේත්රයට ආවේ හැදැරීමකින්. ඉතින් ඒ හැදැරීමෙන් මම ප්‍රයෝජනයක් ගන්න ඕනානේ.
කවුද අයේෂිකාට මේ ගමන එන්න උදව් කළේ?
මම සහභාගි වූ Walk with glamour fashion show 2023 එකේ අධ්‍යක්ෂක ෂැනොන් ඇන්ජලෝ සර්ට. ඔහුගේ Fashion show එක හරහා මට නිරූපණ ක්ෂේත්රයේ අවස්ථාවන් බොහෝමයක් ලබාගන්න පුළුවන් වුණා. ඒ වගේම මම නිරූපණය හැදෑරූ Academy එකේ මෙහෙයවපු දසුන් විජේසිංහ සර්වත් මතක් කරන්න ඕනා. ඒ වගේම මගේ අම්මා හැම වැඩකදීම මට උදව් කරන්නේ කරනවා. කොටින්ම කියනවා නම් අම්මා තමයි අදටත් මගේ ශක්තිය වෙලා ඉන්නේ.
සංවාදය: බුද්ධික සේනාධීර