රසික හදවත් දිනූ දශක පහක හඬ පෞරුෂය වන ප්‍රියා සූරියසේනයන් ඊයේ (20) සුමති සම්මාන 2024දී යූ. ඩබ්ලිව්. සුමතිපාල ලබමින්ඉහළින්ම ඇගයීමට ලක් විය.
එහිදී රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, භාතිය - සන්තුෂ්, උමාරා සිංහවර්ංශ, සංඛ දිනෙත්, රයිනි චාරුකා යුග ගණනාවක් මුළුල්ලේ අසන ප්‍රියා සූරියසේනයන්ගේ ගීත ගණනාවක් ගායනා කළහ.
ප්‍රියා සූරියසේනයන් බෙහෙවින් සංවේදී කළ මෙම ඉදිරිපත් කිරීම සුමති සම්මාන උලෙළට සහභාගි වූ බොහෝ දෙනෙකුගේ දෑස් තෙත් කළ මෙන්ම ඇගයීමට ලක් වූ අංගයක් විය.
ශ්‍රී ලංකාවේ සංගීත ඉතිහාසයේ ඉතා අගනා ගීත රාශියක් ගායනා කළ ප්‍රියා සූරියසේන ස්දක්ෂ සංගීතඥයකු වේ. ඈත රන් විමන්, මට වාසනා, ආදරණීය නේරංජනා, රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ, හෙට දවසේ, සුදු පරවි රෑන සේ යනාදී ගීත ගණනාවක් ගායනා කළ මේ ප්‍රවීණ සංගීතවේදියා ලද සුමති ඇගයුම ඉතා වටිනා එකක් බව සඳහන් කළ යුතුමය.