ආදරය නිමිති කරගත් වැලන්ටයින් දිනය නිමිත්තෙන් ෆ්ලෑශ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු අලුත් ගීතය 'ළඳේ' නමින් එළිදැක්විණි.
පසුගිය දශක කීපයක් මුළුල්ලේ ජනප්‍රියම ආදර ගීත ගණනාවක් ගායනා කරමින් රසික හදවත් ආමන්ත්‍රණය කළ රොෂාන්ගේ මෙම ගීතයද මේ වන විට බෙහෙවින් ජනප්‍රිය එකක් වෙමින් පවතින අතර රූප රචනාවද දර්ශන් තවරාජා සහ රශිප්‍රභා සංදීපනීගේ රංගනය හේතුවෙන් බෙහෙවින් රසවත් වී තිබේ.
රොෂාන්ගේ යූටියුබ් නාලිකාවෙන් ගීතය පෙබරවාරි 14 වැනිදා නිකුත් කෙරුණු ගීතයේ පද ශෙහාන් ගලහිටියාවගෙනි. සංගීත සංයෝජනය සහ ගායන රොෂාන් ප්‍රනාන්දුගේ වන අතර 'මහසෝඅනා' විසින් 'රැප්' ගායනා කර ඇත.