ධකා ජාත්‍යන්තර සිනමා උලෙළේ ආසියානු අංශයේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබූ ජගත් මනුවර්ණගේ පළමු සිනමාපටය 'රහස් කියන කඳු' චිත්‍රප්ටය නැරඹූ චරිතාංග නළු සහ වේදිකා නාට්‍ය ප්‍රවීණයකු වන තුමිඳු දොඩන්තැන්න 'රහස් කියන කඳු' නැරඹීමෙන් අනතුරුව සිය අදහස් පළ කර තිබිණි.
පුවත්
ඒ රහස් කඳු අතර සැඟව ඇත; තුමිඳු දොඩන්තැන්න විසිනි
චිත්‍රපටය ලන්ඩනයේදී නැරඹූ නළුවා පවසන්නේ ජීවිතය පිළිබඳව වන බලවත් ඇත්තක් චිත්‍රපටයෙන් පෙන්වා දෙන බවය.
"පසුගිය දවසක ලන්ඩනයේදී ජගත් මනුවර්ණ ගේ රහස් කියන කදු නැරඹූවෙමි. ලන්ඩනයේ ‘අගෝරා’ කලා කවය සංවිධානය කල දර්ශනය හොඋස් ෆුල්ල් වීමත් එසේ වන්නේ ජනප්‍රිය ධාරාවට අයත් නැති චිත්‍රපටයක් වෙනුවෙන් වීමත්, එංගලන්ත වාසී ලාංකික ප්‍රජාව ගැන සතුටක් එක් කල මොහොතකි. හැමවිටම සමාජ පරිවර්ථණීය මැදිහත් වීමක් වෙනුවෙන් වෙහෙසෙන ‘අගෝරා’ කන්ඩායමට පලමුව ස්තුතිවන්ත වන්නේ මෙම වෙහෙසකර නමුත් සාධනීය කටයුත්තට අතගැසීම වෙනුවෙනි.
ජගාගේ ‘රහස් කියන කදු’ මම මෑතක නැරඹූ විශිෂ්ටතම සිංහල මාධ්‍ය කොටගත් චිත්‍රපටය බව කියමින් මේ සටහන ඇරඹමි. මම සත්‍ය ලෙසම ජගාගේ මේ ව්යයායාමයෙන් විෂ්මයට පත් වීමි. එය පිටපත, අධ්‍යක්ෂනය, කැමරාකරණය, රංගනය ආදී සියළු අංශයන්ගෙන් උසස් නිර්මාණයකි. එමෙන්ම එය ප්‍රේක්ෂකාගාරය සක්‍රීයව තබන චිත්‍රපටයකි. එය කතන්දර සිනමාවක් අපේක්ෂිත අයට තරමක දුරස්ථ බවක් දනවනු ඇත. එයට හේතුව නිර්මාණ කරැවා චිත්‍රපටය පුරා, එය නරඹන්නා සමගද සංවාදයේ යෙදෙන බැවිනි.
මම චිත්‍රපටයේ ආඛ්‍යාන රීතියට (Narrative Structure) හෙවත් සරලව කියනවානම්, කතන්දරය කියන විදියට මහත් සේ ඇළුම් කරමි. එනම් එය අප දන්නා කතන්දර කීමක් නොවන බැවිනි. සිනමා කරැවා හැමවිටම නාටකීය යැයි සිනමා බසින් හදුනාගන්නා කොටස මගහැර යයි. උදාහරණයක් ලෙස ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා මුත්‍රා කිරීමෙන් පසු එකිනෙකා හා රංඩු වන විට, ඉතා නාටකීය ලෙස පෙන්විය හැකිව තිබූ තරැණයින් දෙදෙනාගේ පලායෑම, සිනමා කරැවා අපට නොපෙන්වා සිටී. ප්‍රේක්ෂකයා ඔවුන් දෙදෙනා (පීඩිතයින්) සමග බැදී ඇති බව හොදින් දන්නා නිර්මාණ කරැවා එය දැනුවත්වම මග හැර යයි. එයින් පැන නගින ප්‍රථිපලය නම්, ප්‍රේක්ෂකයා තමා නරඹන දර්ශනය අතරම, තමන්ට නොපෙනෙණ දර්ශනයක් සමග පරිකල්පනයෙන් බැදී සිටීමයි. සමස්ථ ක්‍රියාවලියම පීඩකයාගේ/මර්ධකයාගේ ඇසින් පෙන්වන ජගත්, තරැණයින් අපට පෙන්වන්නේ ඉතා සීමිත මොහොතක පමණි.
නිර්මාණයෙහි මා වඩාත් කැමති දර්ශනය නම්, රාජ්‍ය මර්ධනයේ සාමාජිකයා (සම්පත් ජයවීර) තම අවිය තරැණයා (ජගත්) දෙසට මානා සිටින අවස්ථාවයි. මෙම ජවනිකාව ඇරඹෙන්නේ ඔවුන්ගේ විෂ්මයට පත් සහ අපේක්ෂා විරහිත මුහුණු වලිනි. එම ජවනිකාව, ඊට පෙර ඔවුන් දෙදෙනා අතර සිදුවූ සංවාදයක් පිලිඹද හැගවුමක් අපට ලබාදෙන නමුත්, ඒ කුමක්දැයි නොකියා සිටින්නට පරෙස්සම් වෙයි. අවසානයේ තම උසස් නිලධාරියාට කුණුහරැපයෙන් බැනීමටත්, ඔහුට පිහියෙන් ඇනීමටත් සම්පත් රගන චරිතය පෙලඹෙන්නේ මේ සැගවුණු සංවාදයේ ප්‍රථිපලයක් ලෙසිනි. එසේනම් එතරම් බලවත් තීරණ දෙකක් (තරැණයාට පලායෑමට සැලස්වීම සහ නිලධාරියාට පිහියෙන් ඇනීම) ගැනීමට රාජ්‍ය නිලධාරියෙක් තුල ජීවත්වන මනුෂ්‍යයෙකු පොළඹවන රහස කුමක්ද? කදු පමනක් අසා සිටි, සිනමා කරැවා අපට අසන්නට නොදුන් රහස කුමක්ද? වසර විස්සකට වරක් හෝ තිහකට වරක් ලාංකික සමාජයේ අනවරතයෙන් සිදුවන තරැණ නැගිටීම් වලට හේතුව හෙවත් රහස කියවා ගැනීමට නොහැකි වීම ලාංකික සමාජයේ අසමත් භාවය බව සිනමා කෘතිය අපට පෙන්වාදෙයි. රාජ්‍ය සහ තරැණයා අතර සංවාදය රහසක් බව කෘතිය අපට කියයි. මෙම සංකේතීය රහස කෘතියේ නම ලෙස යොදාගැනීම මගින්ම ජගත් උක්ත ගැටුම පිලිඹද ඇති සවිඥ්ඥානික මැදිහත්වීම පෙන්වා දෙයි. රහස් කියන කදු බලවත් රෑපකයක් වන්නේ එහෙයිනි.
අනෙක් කරැණනම්, සිනමා කරැවා රෑප ගොඩනංවන ආකාරයයි. හැම රෑප රාමුවක්ම නාටකීය ලෙස ගොඩනංවන්නට සමත් වීම මෙම චිත්‍රපටය සාර්ථක වීමට තවත් හේතුවකි. හැම රෑපරාමුවක්ම කතන්දරයක් කියයි. එය ආරම්භක ලක්ෂයත් අවසානයත් එකිනෙකට පරස්පර සංකේතාත්මක ප්‍රකාශන වලින් පිරී ඇත. නිධාරීන් කාඩ් සෙල්ලම් කරන අතර ගොඩගැසූ මලමිනී පෙන්වන දර්ශනය ඉන් එක් උදාහරණයක් පමණි. එම දර්ශනය තුල ගොඩනැංවෙන සංවාදයත් එහි රෑපත් උත්ප්රාසාත්ම රස ජනණය කරයි. මිත්‍යාවත් යථාර්ථයත් එකම රෑප රාමුවකට ගොනුකරයි. විෂ්වගේ කැමරා භාවිතය සතු විශිෂ්ටත්වය මෙම සිනමාකෘතියේ සාර්ථකත්වයට බලවත් හේතුවකි. ජගත්ගේ සහ විෂ්වගේ සුසංයෝගය හරියටම සිදුවී ඇත.
මීලගට මා සිත්ගත් අනෙක් කරැණනම්, උන්මත්ක යැයි සම්මත චරිත මගින් ජීවිත යථාර්තය ගොඩනංවන ආකාරයයි. සැටලිමට ගිනිතබන උන්මත්ක ලොකු හාමුදුරැවන්ගේ වචන එය මැනැවින් පෙන්වයි. බීමත්ව බෙරයක් බැදගෙන අසිහියෙන් හැසිරෙන දරැවා අහිමි පියාද, තමා සතු සියල්ල විකුණා දමයි. ඔහු තැනක කියන සංවාදය අප ජීවත් වන සමාජය කියවීමට මහත් බලවත් සංකේතීය ප්රවෙශයක් සපයයි. “කැමැත්තකට නෙමයි බං විකුණන්නෙ, සිහියෙං ඉන්න අමාරැයි, ඒකයි”. සිහියෙන් ඉන්න අමාරැයි අපට අප සිටින සමාජයේ. අසිහියෙන් පමණයි අපට සිටිය හැක්කේ. සිහිය අපට ජීවත් වීම අපහසු කරයි. එය කෙතරම් බලවත් ඇත්තක්ද.
සිනමාකරැවා මෙම කෘතිය තුළ චරිත වර්ග තුනක් පෙන්වයි. එනම් රාජ්‍ය, තරැණයා හා මේ දෙකොටස නිසා වේදනාවට පත් වන මවුපිය පාර්ශවයයි. අපට කතාව කියන්නේ රාජ්‍යයේ සහ මවුපිය වරැන්ගේ ඇසිනි. ඒ දෙකොටසට මැදි වූ තරැණයාගේ දෘෂ්ඨිකෝණය ජගත් හිතාමතාම මගහැර යයි. ඔහු එහි රහසක් ඇති බව කියයි. මාධ්‍ය විසින් ආවරණය කරන්නේද එම පාර්ෂව දෙක පමණි. එනම් තරැණයාගේ කතාවට හඩක් නැත. එය අසා තිබුනේ කදු පමණි. කදු බලවත් රෑපයකි.
අවසන, මේ වෑයම සතු බලවත් බවට, මම එම කන්ඩායමට සුබ පතමි. ජගා සහ නාමල්ගේ පිටපත එහි පදනමයි. නළු නිළියන් ගැන කවර කතාද. උං ඒ වැඩේ හරියටම කලා. මගේ අධ්‍යක්ෂකවරයා වන ලක්මාල් ධර්මරත්න නළුවෙකු ලෙස එම චරිතය මනාව ගොඩනංවයි. ජගා, කලන, සම්පත්, ඩයස්, ප්‍රියන්ත, සරත් ඇතුළු සියළුම රංගන ශිල්පීන් එහි විශිෂ්ටය. අධ්‍යක්ෂණය කරමින් රගපාන ජගා ගැන මට ඇත්තේ විෂ්මයකි. ඉතිං රහස් කියන කදු දෙවරක් නැරඹිය යුතු චිත්‍රපටයකි.
තුමිදු දොඩන්තැන්න "
-
Category
පුවත් -
Hits
404 times