ජනතා විමුක්ති පෙරමුණට අදාළ 1971 කැරැල්ල සේම, කතරගම ප්‍රේමාවතී මනම්පේරී ඝාතන සිද්ධිය සමග වර්තමාන අරගලය සහ පවතින දේශපාලනය තේමා කරගනිමින් අදට උචිත නව අර්ථකථනයක් ලබාදීමට ගත් උත්සාහයකි කතරගම ප්‍රේමා. මෙහිදී ප්රබලව විප්ලවය සහ අරගලය තුළ ඇති වෙනසත්, ජාත්‍යන්තර අත පෙවීම් නිසා රටකට සිදු වන විනාසය පිළිබඳවත් එදා සහ අද තත්ත්වය කතිකාවට ලක්වෙයි.
මෙහි රංගනයෙන් ශාලිකා එදිරිසිංහ ,සරත් දික්කුඹුර, ක්ලීටස් මෙන්ඩිස්, යස් වීරසිංහ,අජිත් ලොකුගේ, කුමාර කරුණානන්ද, රොහාන් විජේසේකර, කුමාරි මුණසිංහ, දොන්ගයි, මලීෂා බණ්ඩාර සහ සුනිල් ප්‍රේමතිලක ඇතුළු පිරිසක් එක්වී ඇත.
සරත් දික්කුඹුරගේ අධ්‍යක්ෂණයක් ලෙසින් එළඹෙන මාර්තු 16 වන දින සවස 3.30ට සහ 6.30ට එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වන කතරගම ප්‍රේමා, ප්‍රේමදාස ජයකොඩිගේ නිෂ්පාදනයකි. මෙහි කලා අධ්‍යක්ෂණය, පසුතල නිර්මාණය සහ අංග රචනය සිරිනාථ වික්‍රමසිංහ විසින්ද විජේසුන්දර වේරගොඩ සංගීත නිර්මාණයෙන්ද චන්ද්‍රරත්න මාපිටිගම, සුසන්ත දන්දෙනිය සහ මංගලී දිසානායක ලියූ ගී චමල්කා ගයාත්‍රි සූරියප්පෙරුම, කුමාරි මුණසිංහ සමගින් ඉන්දික ලියනගේ විසින් ගායනා කරනු ලබයි. සරත් දික්කුඹුර හා නිල්මිණි පෙරේරා එක්ව මෙහි වේදිකා පිටපත නිර්මාණය කර ඇත.
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු