දේශපාලනයෙන් ඉවත්ව සිටින ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න විදේශගත වී යළි දේශපාලනයට නෝන බව වාර්තා වුවද ඔහු ප්‍රධාන දේශපාලනයෙන් ඉවත්ව නොමැති බවත් ඉදිරියේදී ප්‍රධාන දේශපාලන පක්ෂයක් සමග දේශපාලනය යළි ඇරඹීමට සූදානම් වන බවත් තහවුරු නොකළ පුවත් මූලාශ්‍ර පවසයි.
ඔහු සිය හිතවතුන් සමග මේ බව පවසා ඇති බව එම පුවත් වාර්තා පෙන්වා දුන් අතර කැනඩා රාජ්‍යයේ පදිංචිව සිටියද යළි දේශපාලනයට එක් වන බව ඔහු පවසා තිබේ.
කෙසේ නමුත්, උද්දික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුවද සක්‍රීය දේශපාලනයක නිරත වනු පෙනෙන්නට නොතිබූ අතර ඔහු රංගනයේදී ඉතා ඉහළ දක්ෂතා පෙන්වූ නළුවෙකි. ඔහු රට හැර යෑමේ අවාසිය දක්ෂ රංගන ශිල්පියෙකු නැති වීමේ අඩුව සමගින් වැඩියෙන් දැනුණේ ඔහු දේශපාලනයට එක් වූ දිනවලය. කෙසේනමුත්, ඔහු යළි කලා නිර්මාණවල දැකීමට සිදුසු නළුවෙකි.