උදාවන සෑම දිනයකම, සෑම මොහොතකම ලොව කොහේ හෝ තැනක මවක්, දියණියක්, සොහොයුරියක්, පීඩනයට, වේදනාවට, පළිගැනීමට ලක්වන යුගයක අපි මෙවරත් කාන්තා දිනය සමරමින් සිටින්නෙමු.
මේ ගීතය ඒ සියලු ළඳුන් ට උපහාරයක්ම වේවා යයි 'මිරර් ආර්ට්ස්' අප ප්‍රර්ථනා කරමු…!
දල්වාලමු අපි එක ඉටි පහනක්
සියළු ළඳුන් නාමෙන්
ලෝකය දෝතින් ගෙන කිරි පොවනා
සියළු මවුන් නාමෙන්
දල්වාලමු අපි එක ඉටි පහනක්
සියළු කතුන් නාමෙන්
දුකම වළඳමින් එයින් සවිය ලද
සියළු කතුන් නාමෙන්
අපි දල්වාලමු තව ඉටි පහනක්
දියණිවරුන් නාමෙන්
කැකුළු වියේදිම තලාපෙළා දැමු
දියණිවරුන් නාමෙන්
අපි දල්වාලමු තව ඉටි පහනක්
බිළින්දියන් නාමෙන්
ලොවට නොඉපදී කළල වියේ නැසු
බිළින්දියන් නාමෙන්
අපි දල්වාලමු තව ඉටි පහනක්
විරිය ළඳුන් නාමෙන්
කම්හල ගොවිපළ වැඩබිම වෙහෙසන
සියළු ළඳුන් නාමෙන්
අපි දල්වාලමු තව ඉටි පහනක්
වැන්දඹුවන් නාමෙන්
යුදෙන් අනාථව අවතැන්වී ගිය
සියළු කතුන් නාමෙන්
ගී පද මාලාව: පුෂ්පා රම්ලනී
තනුව සහ සංගිත නිර්මාණය:
විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්
ගැයුම: කාන්තාව හා මාධ්‍ය සාමුහිකත්වයේ අනුග්‍රහයෙන්
ගායිකාවන් සිය දෙනකු විසින්
ඡායා - දේවා ජයවර්ධන