මහේෂි මධුශංකා පසුගියදා හිරු ටීවී කෙරෙන් අසාධාරණයක් සිදු වූ බව පෙන්වා දුන් සඳුන් ප්රභාත් නම් නිරූපණයට එක් වූ තරුණයකු වෙනුවෙන් දැඩි දෝෂාරෝපණයක් එම රූපවාහිනී නාලිකාවට එල්ල කළ අතර එම තත්ත්වය දුරදිග යාම හේතුවෙන් මහේෂි තමන්ට එල්ල වූ ජීවිත තර්ජන ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා පැමිණිලි කළාය.
එම සිදුවීම අවසානයක් නොවන බව පෙන්වමින් මහේෂිව අපහසුතාවයට පත් වන ආකාරයේ ක්රියාද සිදු වූ බව පෙනුණ අතර කෙසේනමුත්, මෙතැන් සිට තමන් කිසිවෙකුගේ ප්රශ්න ගැන කතා කිරීමෙන් තොරව නිහඬ වීමට තීරණය කළ බව මහේෂි පවසයි.
මහේෂිගේ පෙනී සිටීම අගය කරමින් කතා කළ සුදත්ත තිලක්සිරිටද ඇය ස්තුති කර තිබිණි.
"සුදත් අයියේ ඔබ කියන සියලු කතාවලට එකඟයි ඇත්තටම කලාකරුවෙක් විදියට මා නමුත් කිසිම යාළුකමක් පෞද්ගලිකව අපි අතර තිබිලා නෑ මම ටික කාලෙකින් ලංකාවෙන් යන්න ඉන්න කෙනෙක් ඒ අවුරුදු කුමරා තරගයේ විශේෂයෙන් අවුරුදු කුමාරවරුන්ට කරන අසාධාරණය දැකලා අවංකවමයි ඒ ගැන කතා කරේ නැතුව කිසිම පටු අරමුණක් වෙනුවෙන් නෙමෙයි ඇත්තටම ලංකාවේ හුඟක් අසාධාරණකම් වෙනවා කලාකරුවන් සමහර වෙලාවට කතා කරන් නැත්තේ ඔවුන් කතා කරාම මිනිස්සු කියන්නේ දේශපාලනයට එන්න හදනවා කියල නමුත් ඇත්තටම කලාකරුවන් ඔක්කොම එකතු වුණා නම් චන්නෙල් වලට මිනිස්සු මෙහෙම නටවන්න බෑ හිරු නාලිකාවත් එක්ක මගේ පෞද්ගලික කේන්තියක් නැත නමුත් ඔවුන් හිතාගෙන ඉන්න ඔවුන්ගේ සල්ලි බලයට රටේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා හැබැයි මේ ප්රශ්නෙදි ඒක ඇත්ත කියලා මටත් ඔප්පු වුණා මින් ඉදිරියට කාට අසාධාරණයක් වුණත් මම කතා කරන්නේ නෑ මොකද ඒකට හේතුව මම දන්නෙම නැති මිනිස්සු කීප දෙනෙක් විතරයි.. මට කිසිම දේශපාලන පක්ෂයක් එක්ක කිසිදු සම්බන්ධයක් නැත. කාන්තාවන්ට කාන්තාවන් පිහිටට සිටිය යුතුයි නමුත් අපේ රටේ අවාසනාවකට එහෙම කොන්ද පණ තියෙන කාන්තාවන් අඩුයි විශේෂයෙන් කියනවනම් ඒ පෝස්ට් එක දාපු අවුරුදු කුමාරයත් මේ වෙනකොට හුඟක් බය වෙලා ඉන්නේ සල්ලි වලට ඕනෑම කෙනෙක් කට වසන්නට පුළුවන් කියලා මං තේරුම් ගත්තා.. ස්තුතියි සුදත් අයියේ කිසිම ලාභ ප්රයෝජනයක් නැතුව මං අවංකව දෙයක් කතා කරා කියලා මගේ පැත්තට හිටගත්තට මොකද කිසිම වාසියක් ඇඳුනුම්කමක් නැතුවයි ඔයා මගේ අසාධාරණයට ඉදිරිපත් උනේ ජය වේවා 🙏" මහේෂි සඳහන් කර තිබිණි.