දෙමළ කිවිඳියන්ගේ කවි අපට එතරම් සමීප නොවන්නේ භාෂා ගැටලුව හේතුවෙන් මිස දෙමළ බසින් කවි ලියන කිවිඳියන්ගේ හිගයක් නිසා නම් නොවේ.
ඉඳ හිටක පුවත්පතක පළ වන පරිවර්තන කවියක් හැරුණු විට දෙමළ කිවිඳියන් අපට හමු වූ අවස්ථා ඇත්තේ ඉතාම අල්පයකි. යුද ගිනි දැල් මැද, බංකර තුළ, අත් හැරුණු නිවෙස් තුළ, තාවකාලික කඳවුරු තුළ නිසැක වශයෙන් ම බොහෝ කවි වියැකී යන්නට ඇත.
1993 වසරේ ''යුද බිමෙන් උපන් කවි - දෝංකාරය" ලෙසින් දෙමළ පරිවර්තකයන්ගේ සහය ලබා ගනිමින් සීතා රංජනී සංස්කරණය කළ කවි එකතුව තුළ සෙල්විනිති ත්‍යාගරාජා, ඌර්වසී, සිවරමණි, සන්මාර්තා, සංගරී, මෛත්‍රී අව්වෙයි උරුත්තිරිමූර්ති වැනි කිවිඳියන්ගේ කවි අපට සමීප විය.