lan englan tam

පුවත්

ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ චිත්‍ර ප්‍රදර්ශනය ජනපතිත් නරඹයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉරෝමි විජේවර්ධන සහ වින්ස්ටන් සුලුදාගොඩ යන ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් දෙපළ විසින් සංවිධානය කරන ලද චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) ලයනල් වෙන්ඩට් කලාගාරය වෙත ගොස් තිබිණි.

ඉරෝමි විජේවර්ධන මහත්මියගේ කලා දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ‘Celebration of women’ යන තේමාව ඔස්සේ චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.
 
දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් ජනප්‍රියත්වයක් උසුළන වින්ස්ටන් සුලුදාගොඩ මහතා තම 34 වැනි චිත්‍ර ප්‍රදර්ශනය ලෙස ‘භාවනාවක ශාන්තිය’ තේමාව යටතේ සිය චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණා.
 
එදිනෙදා ජීවන සබඳතා, ගෝලීය අර්බුද, ආගමික ජීවන රටා ඇතුළු විචිත්‍රවත් සිතුවම් රැසක් මෙම චිත්‍ර ප්‍රදර්ශනවලට එක් කර තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom