lan englan tam

පුවත්

හිරු නාළිකාවේ ලොක්කා නිළියකට එන්තරවාසි යවයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රේනෝ සිල්වා මහේෂි මදුශංකාගෙන් බිලියන 20ක් ඉල්ලයි.

 හිරු TV ආයතනයට සහ එහි සභාපති රේනෝ සිල්වාට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනි මහේෂි මදුශංකාට එන්තරවාසි භාර දීමට හිරු TV සහ රේනෝ සිල්වා වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියේට් නීතිඥ සමාගම කටයුතු කර තිබේ.
 
හිරු TV ආයතනයේ වැඩසටහනක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පළ කළ වීඩියෝවක් මූලික කරගනිමින් ඇය මෙම අපහාසත්මක යැයි කියන ප්‍රකාශය සිදු ඇතැයි එන්තරවාසියේ සඳහන් වේ.
 
ඒ අනුව හිරු TV හි කීර්ති නාමයට සිදුව ඇති හානිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් සහ රේනෝ සිල්වාගේ කීර්ති නාමයට සිදුව ඇති අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දි එන්තරවාසිය යොමු කර ඇත.
 
හිරු මාධ්‍ය ජාලයේ සමාජ මාධ්‍ය ගිණුම් තුළ පළ වූ වීඩියෝවක් හරහා තරුණයෙකු අපහසුතාවට පත් වූ බවට රංගන ශිල්පිනි මහේෂි මදුශංකාට පවසා සිටියාය.
 
එමෙන්ම ඒ හේතුවෙන් ඔහු සිය දිවි නසාගැනීමට පවා හැකි බව පවසමින් ඇය විසින් පළ කළ සමාජ මාධ්‍ය සටහන්වලට බොහෝ ප්‍රතිචාර ලැබී තිබුනි.
 
එම විරෝධයන්ට ප්‍රතිචාර ලෙස ඇය හිරු මාධ්‍ය ජාලයේ සභාපතිවරයාගේ පුද්ගලික ජීවිතයට අදාළ කරුණු පිළිබඳව මෙලෙස අපහාසාත්මක යැයි සඳහන් ප්‍රකාශ සිදු කරනු ලැබු බවටයි ඇයට චෝදනා එල්ල වන්නේ.
 
කෙසේවෙතත්, එම සිදුවීමට පාදක වූ තරුණයා පසුව සිය පුද්ගලික ෆේස්බුක් ගිණුමේ සජීව වීඩියෝවක් පළ කළ අතර එහිදී ඔහු පැවසුවේ තමන් සියදිවි හානිකර ගැනීමට තරම් ළාමක මානසිකත්වයක් ඇති පුද්ගලයෙකු නොවන බවයි.
 
එමෙන්ම අදාළ නාලිකාවට තමන් දෝෂාරෝපණය නොකළ බවත් ඔහු මේ පිළිබඳව කිසිවෙකුගේ මැදිහත්වීමක් අපේක්ෂා නොකරන බව ද පවසා තිබුනි.
Back to top
Go to bottom

Popular News