lan englan tam

පුවත්

සංගීතය මෙලෝ දෙයක් නොදැනීම සහ යොහානිගේ හඬට ඇති ආසාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යොහානි සිල්වා ජාත්‍යන්තර වශයෙන් ජනාදරයට

පත් ශ්‍රී ලාංකික ගායිකාව පසුගියදා චැනල් වන් නාලිකාවේ පැවැත්වුණු 'මා නොවන මම' වැඩසටහනට සහභාගි වී සිටියාය. 

එහිදී ඇය ගායනා කළ ගීත රස විඳි මෙන්ම එම ගීත ගැන අපැහැදීමට පත් වූ සමහරුන්ද සිය අදහස් පළ කර සිටි අතර ලේඛිකාවක වන දමී දර්ශා යොහානිගේ ගායනය ගැන දක්වන අදහස හා ඒ තුළ අනෙක් පාර්ශ්ව තුළ ඇති අදහසත් පෙන්වා දෙයි.
 
#මම_යොහානිගෙ_voice_එකට_පුදුම_විදියට_ආස කරන කෙනෙක්.මං යොහානිගෙ voice එකට ආදරේ කරන්න ගත්තෙ යොහානි අද තරම් famous වෙන්න කලින්, "හිනැහෙන්නෙ මං","පානා සෙනෙහස" සින්දුවල වීඩියෝ කෑලි ටික බලපු දවසෙ ඉදන්..
 
මම "මා නොවන මම" වැඩසටහන සම්පූර්ණයෙන්ම බලල තියෙන්නෙ අවස්ථා දෙකකදි විතරයි.එකක් රවීන් කණිෂ්ක ආව දවසෙ.අනික ආක්ශා චමුදි ආව දවසෙ.යොහානිගෙ වැඩසටහනත් මම සම්පූර්ණයෙන්ම බලනව ඉඩක් ලැබුණ ගමන්.ඊයෙ පෙරේදා යොහානි මේ වැඩසටහනට ඇවිත් "නුඹේ සිනහ මුව මඬලට" ගීතය ගායනා කරන වීඩියෝ එකට එක එක විදියෙ ප්‍රතිචාර දැක්කා.
 
පෞද්ගලිකව මම ඒ වීඩියෝ එකට කාරණා දෙකක් නිසා ඇබ්බැහි වුණා.එකක් ඒ හඬ.අනික ඒ බැල්ම.සංගීතය හදාරපු කෙනෙක් නොවුණු මට රසවින්ඳනයක් ලබන්න ඒ කාරණා දෙක හොදටම ඇති.මම දැනට ඒ වීඩියෝ එක විතරක් පස් වතාවකට වඩා බලන්න ඇති.ආයෙ දැක්කත් ආයෙ බලනව.
 
"ඇය තනුව හරියට ගයන්නෑ","ගීතය කෑවා " වගේ කමෙන්ට් මං කිහිප තැනක දැක්කා.සමහරවිට ඇත්ත වෙන්න ඇති.මම දන්නෑ.හැබැයි මට හිතුණ එක දෙයක්.සංගීතය ගැන මෙලෝ දෙයක් නොදැන ඉන්න එකත් එක අතකට කොච්චර දෙයක් ද?
Back to top
Go to bottom

Popular News