රවී රොයිස්ටර් Jr මේ වන විට ශ්‍රී ලංකාව තුළ මෙන්ම ඉන්දියාවේද අවධානය සහ ආදරය දිනූ ගායකයෙකු වී අවසන්ය.
ඒ 'රෝමියෝ' අලුත්ම චිත්‍රපටයේ ගැයූ 'වේදලා' ගීතය හේතුවෙනි.
එසේ වුවත්, රවී ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වීම මෙන්ම බෙහෙවින් අවධානය දිනා ගැනීමටත් සමත් වූ ඔහුගේ ගායනය වූයේ 'හමාර බණවර'ය.
ඉරේෂා හේමමාලිගේ කාව්‍ය රචනාවක් වන ගීතය ගැයීමෙන් පසුව එය වැළඳගත් රසිකයින් ඇතැමෙකු සිය රැකියාව අතහැර පවා සිය පියා සමග ජීවත් වීමට ගිය බව රවී එහිදී ප්‍රකාශ කළේ ළහිරු මුදලිගේ සමග පැවති සාකච්ඡාවකදීය.
රවීගේ එම සාකච්ඡාවේ කොටසක් 'මියුසික් වන් ශ්‍රී ලංකා' ෆේස්බුක් පිටුවේ පළ කර තිබිණි.