රඟපෑම ඉගෙන ගන්න ඕන නැහැ, ඒක සහජයක් කියලා එක් මුල් බැස ගත්තු නූගත් මතයක් තියෙනවා.
මේක දෛවයෙන් වාසනා මහිමයෙන් පහළ වෙන දෙයක් කියලා තවත් පිරිසක් කියනවා. (විශේෂයෙන් මෙහේ නිළියෝ)
පුදුමයට කාරණය නම් රන්ජන් රාමනායකත් ඉන්නේ මේ ගොඩෙන් එකක. මිනිහා ඒ ගැන විවිධ නළු නිළියන්ගෙන් උදාහරණත් ගන්නවා. Cලින්ට් Eඅස්ට්වූඩ්, ඡලෙස් ඹ්‍රොන්සොන්, Sය්ල්වෙස්ටෙර් Sටල්ලොන් වගේ නළුවෝ උදාහරණයට ගන්න රන්ජන් විජය කුමාරතුංගවත් තමන්ගේ මතය සනාථ කරන්න ඈඳා ගන්නවා... ඒ අතරේ රංජන්ට 60 පිරුනහම මිනිහා O/ළ් විභාගේ ලියන්න ඉගෙන ගන්නවා. පුළුවන්නේ
මිනිහාට ඉගෙන නොගෙන විභාගේ ලියන්න??!!
මේ වගේ පසුගාමී අදහස් තියෙන නිසා කර්මාන්තයක් හැටියට වේදිකා, ටෙලි, සිනමාව තවමත් පසුගාමී තැනක තියෙන බව නම් නොකියාම බැහැ.
මගේ මුළු ජීවිතයම මේ දක්වා ගත කරලා තියෙන්නේ 'රඟපෑම' කියන විසල් මනෝ විද්‍යාත්මක විෂය ක්ෂේත්‍රය හදාරන්න. මුල් යුගයේ නළුවෙක් වෙන්න උනන්දුවෙන් කටයුතු කරපු මම ඒ නිෂ්පාදනවලට සම්බන්ධ වීමෙන් ඈත් වෙලා හදාරන්න පටන් ගත්තා... හදාරන්න හදාරන්න වැඩි වැඩියෙන් ඈත් වුණා... අද මම මේ ගැඹුරු විෂය සම්බන්ධව මම උගත් දේ බෙදා ගනිමින් ඉන්නවා.
"රූපණ වේදය" 2008 වසරේ එළි දක්වන්නේ එහි ප්‍රතිඵලයක් හැටියට. තවමත් ලංකාවේ අධ්‍යක්‍ෂකවරු දන්නේ "රූපණ වේදය" කියන වචන දෙක විතරයි. පොත ගත්ත බොහොමයක් නළු නිළියෝ මුකුත්ම දන්නේ නෑ! ඒත් එයාලගේ පොත් රාක්කයේ පොත තියෙනවා!
වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ ධර්මජිත් පුනර්ජීවගේ සටහනකි.