ජනප්‍රිය, ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ උපන්දිනයෙන් අනතුරුව ඔහු ගැන සිය අත්දැකීම් සටහනක් තැබීමට ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක කටයුතු කර තිබිණි.
ආදරණීය ප්රියංකර අයියා. ඔබ ගැන යමක් කීමට අවසරයි.
දිනක් මා ක්ෂේත්රයට පැමිණි මුල්ම කාලයේ, මේ අපූරු මහත්මයා මනුස්ස පුත්රයා එක්ක විදේශ සංචාරයකට ගියා ඔහුත් සමග. රට නම් මතක නැ හරියටම. ඒ ගැන සමාවෙන්න ඕනේ. ඒ කාලේ මෙයා නැති ප්රසංග වේදිකාවක් නැ ඒ කාලේ. ගුවන් තොටු පලේදී ඔහු රසිකයන් එක්ක කතා කරණ විදිය පුදුම වැඩිහිටි ස්වබාවයක් තිබුනා. ඔහු දුටු ගමන් ලඟට ඇවිත් කතා නොකරපු කෙනෙක් නැ. මම කලාවට බොහොම පොඩියි. ඒ ලබන ආදරය මටත් ඒ විදියටම ආනාගතේ ලැබෙයි කියන විශ්වාසය මට මුලින්ම ඇති උනේ එතනින්. එතනම මතක් කරන්න ඕන ප්රියංකර අයියගේ පියාණන්. ඒ වගේම මල්ලී චලක චමුපති සහෝදරයාත් . අපි ඔවුන් ව අදටත් ඇසුරු කරන්නේ, මතක් කරන්නේ දේවත්වයෙන් මුල් තැන දීලමයි. ඉතින් අපි ගුවන් ගත උණා. පැය දෙකට පසුව මට අද වගේ හොඳටම මතකයි මම ගුවන් යානයේ දකුණු පස කෙළවරක ආසනයක වීදුරු කවුළුව ළඟ එළිය අහස උඩ ඉඳන් දකිමින් හිටියේ. ප්රියංකර අයියා මට වම් අසුනේ හිටියේ. මම කියන්න යන සිදුවීම වෙද්දී මට පහලින් විශාල සාගරය විතරයි දකිමින් හිටියේ. ඔබ විශ්වාස කරන්න ගුවන් යානය එක පාරටම කඩාගෙන වැටෙන්න ගත්තා. එය කොයි වගේද කියනවා නම් මිරිස් ගලක්, යක් ගුලියක් උඩක ඉඳන් බිමට අත අරිනවා වගේ හැගීමක් . මුළු ගුවන් යානයේ ඉඳපු හැමෝම මහා හයියෙන් කෑ ගහන්න ගත්තා. විනාඩි හතරක් පමණ එක දිගටම මේ වැඩේ වෙනවා. මම වීදුරුවෙන් එළිය බලන ගමන් කල්පනා කරනවා මට හොඳට පීනන්න පුළුවන්, මම කොහොම හරි ගොඩ බිමකට පීනනවා කියන සිතුවිල්ලෙන්.පස් වෙනි විනාඩියෙදී කෑ ගහන මහා හඬවල් මැද්දේ මම හිතාගන්න බැරි මේ සිදුවීම ඉවසගෙන බැලුවා මගේ කතා නායකයා ප්රියංකර අයියා දිහා.මගෙ දිහා බලල හොඳටම හිනා වෙනවා. අත් දෙකේ ඇඟිලි එකතු කර කර වියායාමයක් කරණ ගමන් මට කිව්වා " air pocket" (එයා පොකෙට් ) එකක් කියලා. මම ජීවිතේ පලවෙනි පාරට මරණයට බය නැති මිනිහෙක් දැක්කේ. විස්වාස කරන්න ප්රියංකර අයියා ඒ කතාව කියලා විනාඩියයි ගත උනේ ගුවන් යානය යථා තත්වයට පැමිණියා.මම අදටත් විස්වාස කරණවා ඒ එයාගෙම වචන ශක්තියක් පුණ්ය ශක්තියකින් එය එහෙම එකවරම නැවතුනේ කියලා.ඉතින් මම ඇහුව මොකක්ද අයියේ air pocket එකක් කියන්නේ කියලා .එවිට තමයි අයියා මට කිව්වේ ඇත්තටම එය අහසින් යන මාර්ගයේ හුළඟ නැති උනාමයි කඩාගෙන වැටෙන්නේ කියලා . බලද්දී එයා ඊට කලින් ඒ වගේ අවස්ථා කීපයකටම මූන දීල තියෙනවා.මම හිතන්නේ හතර පහකට හත් අට වතාවකටම ඔහු මූන දී තිබුණා.මොනා උණත් එදා මම ඒ මොහොතේ දැකපු සෙන්පති හිනාව තාමත් එහෙමයි. ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ, ඉඩක් අවසරයක් ලැබුනොත්, කරන්න ඉදිරියේදී ලෑස්ති වෙනවා. කියන්න ඕන උනේ මරණය ඉස්සරහා හිනා වෙන මිනිස්සු කවදාවත් වෙන කෙනෙක්ගෙ දෙයක් හොරකම් කරන්න යන් නැ. අයිති කරගන්න යන් නැ. දුකින් ජීවත් වෙන් නැ. තමන්ගේ දේවල් හොරු අරන් යනවා දැක දැකත් වෛර කරන් නැ. තරහ ගන් නැ. ඉන්නකන් අගේ නැති කලාවක් අස්සේ මොහුගේ තනි රූපය එක පාරින් දකින්න බැරි තරම් මොහු ගාව ඇති හොඳ ගති ගුණ ඒ තරමටම විශාලයි. අපි ළඟදිම ඔයාව බලන්න එනවා අයියා. එදාටත් ඔයා අපිට පායපු ඉරක් හඳක් මයි. බුදුසරණයි අයියා. සුවපත් වේවා කියන්න දෙයක් නැ.ඔයාගෙ හිත අපිට වඩා ගොඩාක් හයියයි ගොඩාක් ආදරෙයි අයියා. අවන්කවමයි