හොලිවුඩය ලබන ඔක්තෝම්බර් මාසයේදී වෙනස්ම ආකාරයේ චිත්රපටයක් ප්රේක්ෂකයන් වෙත තිළිණ කිරීමට සුදානම් වනවා.
Geostorm ලෙස නම් කර ඇති මෙම චිත්රපටය මගින් තාක්ෂණයේ දෝෂයක් හේතුවෙන් එය කාලගුණයට බලපෑමක් සිදු කරමින් සිදුවන ලෝක විනාශයක් පිළිබවද වෙනස්ම ආකාරයේ කතාවක් සිනමා ලෝලීන් වෙත ගෙන එනවා.
හොලිවුඩ් චිත්රපට අධ්යක්ෂ Dean Devlin විසින් මෙම චිත්රපටය අධ්යක්ෂණය කර ඇති අතර වෝනර් බ්රදස් සමාගම විසින් මෙහි නිෂ්පාදන කටයුතු සිදු කර ඇත.
මෙම වසරේ ඔක්තෝම්බර් 20 වනදා සිට Geostorm ලොව වටා ප්රදර්ශනය ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.