රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන ලද අවුරුදු ගීතයක් විකෘති කිරීම සම්බන්ධයෙන් තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සුරා බදු නිලධාරියෙකු බන්ධනාගාරගත කිරීමට අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග ලැබිණි.
බැද්දගේ මහතාගේ අවුරුදු ගීතය පසුව රන්වල බලකාය විසින් ගායනා කරනු ලැබ ඇති අතර එය විකෘති කළ සැකකරු ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කරනු ලැබ තිබේ.