"මට තාම මතකයි ඉස්සර මේ හංදිය. මං තාත්තාගෙන් හැමදාම අහනවා මේ විශාල චිත්ර අඳින්නෙ කොහෙද කියලා. තාත්තාගෙ ෆිල්ම් එක 'උමයංගනා' එකේ කටවුට් අඳිනකොට මාව එක්කන් ගියා පෙන්නන්න. ප්රේම් ජයන්ත් කියන පැරණි රංගන ශිල්පියා තමයි ඒ වැඩේ කරන්නෙ.
කොස්ගස් හංදියෙ තැනක. තාත්තාගෙ හොන්ඩා ටූ හන්ඩ්රඩ් එකේ ටැංකිය උඩ ඉඳන් යද්දි තාත්තා ඔය කටවුට් ගැන පරණ කතා මට කියනවා. එක පාරක් මාලිනී නැන්දා හිටපු 'සහනය' කියන ෆිල්ම් එකේ ප්රචාරණයට නැන්දා වගේ ඩමී එකක් හදලා කැරකෙන. දිය රෙද්දක් ඇඳගෙන උඩින් කලයකින් වතුර වැටෙනවාලු දිගටම. කාර් එකක යන මනුස්සයෙක් ඒක දිහා බලං ගිහින් හැප්පිලා මැරිලා තියෙනවා ඒ කාලෙ. තව කිව්වා ටයි මාමාගෙ 'හාර ලක්ෂය' ෆිල්ම් එකේ ප්රචාරණයට පත්තර ආටිකල් වලින් කොලාජ් කරපු බැක්ග්රවුන්ඩ් එකක් කඩාගෙන ආව ඇත්තම කාර් එකක් ඩිස්ප්ලේ කළා කියලා. ෆිල්ම් ඉන්ඩස්ට්රි එකේ කොයි තරම් උත්කර්ෂයක් තිබිලද ඒ දවස් වල? පස්සෙ ඔක්කොම වෙනස් වුනා. ඇත්තටම නළු නිළියො බලන්න ෆිල්ම් හෝල් වලටම යන්න ඕනෙ වුන කාලෙ ඉවර වුනා. කටවුට් එකේ ඉඳන් පෝස්ටරේ වෙනකම්ම නළු නිළියන්ගෙ ඇත්තම පිංතූර ප්රින්ට් වෙන්න ගත්තා. කටවුට් චිත්රය සහ චිත්රපටියෙන් දකින ඇත්ත රූපය අතර පුංචි හිඩසෙ ඉතුරු වුන ආශාව, බලාපොරොත්තුව, ඉවසුම් නැති කම ඉවර වුනා. කටවුට් චිත්ර කලාව වගේම සිත්තර සත්සිරි චිත්ර කතා පත්තරත් ඒ එක්කම වගේ නැවතුනා. පාරවල් වන් වේ කරන්න කලින් බුහාරි එක, පදික මාරු පාලම, සරසවි පාය, එල්ෆිනිස්ටන් එක, චීන රෙදි කඩ... ඉතිං මේ පරණ මරදාන හංදිය කවදාවත් මට අමතක වෙන්නැහැ."
සමනලී ෆොන්සේකා මීට වසර කිහිපයකට පෙර සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි.