lan englan tam

පුවත්

රවී රොයිස්ටර් ලාංකේය කලා ජීවිතයේ හමාර බණවර කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'හමාර බණවර' රවී රොයිස්ටර් විසින් ගායනා කරන ලද අතිශය සංවේදී ගීතයකි. ශ්‍රී ලාංකික සංගීත ශිල්පීන් අතර මේ දිනවල රවී ගැන වැඩිම අවධානයක් යොමු වුණේ ඔහුගේ නිර්මාණ හේතුවෙන් මෙන්ම මේ වන විට රවී සිය ගායන හැකියාව හේතුවෙන් ඉන්දීය කොලිවුඩ් සිනමාවේ සංගීත කලාව තුළද බෙහෙවින් ඉඩක් හදාගෙන සිටින ගායකයෙකි.

රවීගේ පළමු ඉන්දීය ආගමනය විජේ ඇන්තනි රඟපාන 'රෝමියෝ' චිත්‍රපටයේ 'වෙදල වෙදල' ගීතයෙන් සනිටුහන් වූ අතර එය මේ වන විට ජනප්‍රිය වේග රිද්ම දෙමළ ගී අතර ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇති ගීතයකි.
මේ ගතවෙන්නේ මගේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අවසන් මාස කීපයයි.මන්දයත් මා ඉගෙනගත් අවංක විෂය මේ ක්ෂේත්‍රයේ නොමැති නිසාවෙනි.කලාව යනු කුහකත්වයවත් , ඊර්ෂ්‍යායවවත් ,අනෙකාව කෙටවීමවත් නොවෙයි , කලාව යනු ආදරයයි.ඒ ආදරයට මිලක් නියම කළ නොහැකිය.මිල නියම වනුයේ තමන් කොතෙක් දුරට ඒ සංගීතයට අවංක ආදරය දක්වන විලාසය අනුවය.ඇත්තටම මේ රටේ සංගීත ක්ෂේත්‍රය පිළිබඳ මට ඇත්තේ ඉතා දැඩි කලකිරීමකි.ගායකයන් සංගීත ශිල්පීන් පිල් බෙදී ඇත.එකෙක් අනෙකාගේ වැරදි අනෙකාට පවසයි.ඔවුන් ඒ තුළින් මම මාර වැඩක් කරා , අරූට මම කෙලෙව්වා , අරූට කෙලවනවා, අරව සින්දු ද බං අරූ මෙච්චර ගානක් ගන්නවා , අයියෝ අරූව මට කොට ගානකට ගේන්න පුළුවන් මෙයයි අපේ සංගීත ක්ෂේත්‍රය.කලාව තුළින් අප්ඩේට් නැත. අනිත් *** වැඩ තුළින් අප්ඩේට් එක ඉහළයි. තවත් කීමට එමටයි.මගේ අවසන් ගීත කිහිපය ඉදිරි මාස දෙක තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි.මම කාගේවත් ගීතයක් විකුණාගෙන කෑවේ නැත.විකුණාගෙන කන්න තරම් මට අහේනියක් ද නැත.අලුත් රටක අලුත් සංගීතයකින් නැවත හමුවෙමු .ස්තුතියි. මගේ රටට ආදරෙයි ♥️♥️🙏
Ravi Royster
Success shines brightest when shared, envy dims its glow. Let's celebrate each other's victories rather than dwell in gossip's shadow.

හදිසියේ මෙවැනි සටහනකින් රවී සිය ගායන ක්ෂේත්‍රයේ වෙනසක් ගැන සඳහන් කර තිබේ.
කලාකරුවන් ගැන ඇති විවේචන කෙරෙන් ඔවුන්ගේ ගමන යහපත් කරගනු වෙනුවට කලා ක්ෂේත්‍රයෙන් කලාකරුවන් ඉවත් කර සමුගන්නට සැලසීමට තරම් ඇතැම් විවේචන බලවත් වේ.
කෙසේ නමුත්, රවී ඉන්දීය සිනමා ගමන තුළ බොහෝ දුර යා හැකි ලාංකික නිර්මාණකරුවෙකි.

Back to top
Go to bottom

Popular News