lan englan tam

පුවත්

ඔයා උතුම් අම්මා කෙනෙක්; දියනියකගේ ප්‍රේමය පෙන්වූ කවී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සමිතා මුදුන්කොටුව ගායන ශිල්පිනියගේ පියාණන්ගේ වියෝව හේතුවෙන් බොහෝ දෙනා නිවන් සුව පතා ශෝක ප්‍රකාශ නිකුත් කර ඇති අතර සමිතා ඇගේ පියා රැක බලා ගත් ආකාරය ගැන ගායන ශිල්පිනී කාවින්ද්‍යා අධිකාරිද සටහනක් තබා ඇත.

එහිදී සිය මවට 'මගෙ දෙයියෝ' යැයි ආමන්ත්‍රණය කරමින් කාවින්ද්‍යා පවසා ඇත්තේ සමිතා සිය පියාණන් ආදරයෙන් රැක බලා ගත් ආකාරයි.

"🌸මගෙ දෙයියෝ ඔයා අම්මා, තාත්තා ව බැලුව විදිහට මම දැකලා නෑ වෙන කෙනෙක් ඔහොම අම්මා, තාත්තා ව ආදරෙන් බලාගන්නවා...
ඔයාට ලෝකායා මොනා කිව්වත් ඔයා පුදුම දුවක්, එයාලා ලබන්න ඔයා පිං කරලා තියෙනවා වගේම, ඔයා ව ලබන්නත් එයාලා පිං කරලා තියෙනවා මගෙ රත්තරං පණ!
ඔයාට ජීවිතේ හැම තප්පරයක්ම හරියනවා.
ඔයාව මම මගේ ඇස් දෙක වගේ බලාගන්නවා...
දැන් මගේ හයියට අපේ ගෙදර මල්ලි, චීනෝ, ඔයාගෙ දනී බබා... අපි ඔක්කොම ඉන්නවා...
ඔයා උතුම් අම්මා කෙනෙක්!
මට ඔයාගෙ දුව වෙන්න ලැබුන එක තමා මගේ ජීවිතේ වටිනාම දේ!
🙏🏼❤️🌸"

kemadasa

shungara

Back to top
Go to bottom