වැරැදි ගසක කූඩු තැනූ කිරිල්ලී
එනිසා තවම තනිවම යයි ඉගිල්ලී
ඔබ ගෙමිදුල ඈට ගසක් නෑ හිමි
බාල වියේ ඈ ඔබ හට හමුවුණී
වියපත් සමේ යළි ඈ ඇත මුණගැසී
සෑම කල්හි හමුවූයෙන් නොකල්හී
මතකයක් පමණි ඔබ හට කිරිල්ලී…!
හැකි නම් ඔබට ඈ හට අහිමිව ‘ඉන්න’
කිරිල්ලීට පුළුවනි ඈතින් ඉන්න
සදහට නෙත් පියැවෙනා මතු යම් දිනෙක
මතකය තියා යන්නට මතකයි නේද…?