lan englan tam

පුවත්

සෞම්‍යගේ Lifeline - දූපතේ ජීවිතේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"දවසින් දවස අපේ ඇත්ත ජීවිත වෙනුවට අපට මුණගැහෙමින් තියෙන්නෙ පින්තූර. අපි ඒ වර්ග සෙන්ටිමීටරයක විතර Profile Pictures එක්ක සංවාද කරනවා. ආදරය කරනවා. දේශපාලනය කරනවා. දවසින් දවස ඇත්ත මනුස්ස සම්බන්ධතා වෙනුවට virtual ජීවිතයක් අපට යෝජනා කෙරෙමින් තියෙනවා. හැඟීම් වෙනුවට ස්ටේටස් අප්ඩේට් වෙන වටපිටාවක අන්තිමට ඉතුරුවෙන්න නියමිත මරණීය හුදෙකලාවට මුහුණදෙන්න අපි හිත හදාගන්නවා."

ජනප්‍රිය කවියකු සහ ලේඛකයෙකු වන සෞම්‍ය සඳරුවන් ලියනගේ විසින් රචනා කරන ලද හෘදයාංගම කෘතිය Lifeline - දූපතේ ජීවිතේ තීරු ලිපි එකතුව මැයි 31 සවස පුස්තකාල ලේඛන හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ.
ප්‍රධාන අදහස් දැක්වීම් චූලානන්ද සමරනායක සහ විමල් කැටිපෙආරච්චි විසින් සිදු කරනු ලබන අතර වැඩසටහන මෙහෙයවීම ලහිරු කිතලගම විසින් සිදු කරනු ලබයි.
Lifeline කියන්නෙ දවසින් දවස, එක එක මාතෘකා රැලි එක්ක හැප්පෙමින්, පැද්දෙමින් ගෙවිල යන අපි හැමෝගෙම දූපත් ජීවිත ගැන ලියවුණු තීරු ලිපි එකතුවක්. 'ලංකා ඉරිදා සංග්‍රහය'ට 2017 පෙබරවාරියේ ලියන්න පටන්ගත්ත ඒ ලිපිපෙළ හරහා මට කරන්න ඕන වුණු ප්‍රධානම දේ තමයි, එදිනෙදා ජීවිතේ අපි පහුකරන, අපට මගහැරෙන සිදුවීම් ගැන සහ ඒ සිදුවීම් හරහා මතුවුණු, අපට මගහැරලා යන්න බැරි ඇත්ත කරුණු කාරණා ගැන කෙටියෙන් හරි සටහන් කරල තියන එක.
අවුරුදු කීපයක් ගෙවිලා ගියාට ඒ ලිපිවලට පසුබිම් වුණු ගොඩක් කාරණා අද අපි ගෙවමින් ඉන්න මේ මොහොතටත් හොඳටම අදාළ නිසා, අපි තීරණය කළා ඒ අවුරුද්දක තීරුලිපි මතකය සීරුමාරුවට පොතකට එකතු කරලා ඔබේ අතට පත්කරන්න. ප්‍රකාශන වගකීම බාරගත්තෙ Muses Publishing House - pvt Ltd. ඉතිං ඒ වෙනුවෙන් සංවිධානය කෙරෙන සරල එළිදැක්වීමේ උත්සවය වෙනුවෙන් ඔබට ආරාධනා කරන්නයි මේ සටහන."
සෞම්‍ය එසේ සැමට ආරාධනා කරයි.

Back to top
Go to bottom

Popular News