දූ දරුවෝ ටෙලි නාට්ය ජාතික රූපවාහිනියෙ පෙන්වන්නෙ අනූව දශකයෙ මුල් භාගයෙ. සමහරු මේකට ලංකාව මුල්ම මෙගා ටෙලිනාට්යය කියලත් කියනව. ප්රේක්ශකයන් අතර අතිශය ජනප්රිය වුණු දූ දරුවෝ බලන්න මිලියන හය හතක පිරිසක් හිටිය කියල තමයි කියන්නෙ.
කොටස් සියයක් පමන තිබුනු කතා මාලාව කොයි තරම් ජනප්රිය වුනාද කියනව නම් එහි රඟ පෑ නලු නිලියන්ව පසුකාලවලදිත් එහි චරිතයේ නමින් අමතන්න මිනිස්සු පෙලඹිලා හිටියා. සුදු සීයා , ඩයස් , පුන්සිරි , කුසුමලතා , දීප්ති , ඒ වගේ නම් කීපයක්.
චරිත මිනිස්සුන්ට කොයි තරම් සමීප වුනාද කිවුවොත් සමහරු ඒව තමන්ගෙ කාටහරි වුන සිද්දි තරම් හිතට ගත්තා. " කුසුමලතාට තිබ්බ එහෙම නොකර ඉන්න " වගේ දෙබස් ජනතාව අතරින් ඇහුන.
නාට්යය අන්තිම හරියට එනකොට ජීවිතවල අස්තාවර බාවය කියන එක හොඳටම වැඩි වෙනව. දරුවො දෙමව්පියන්ට සලකන්නෙ නෑ. වැඩිහිටියන්ට උන් හිටි තැන් නැති වෙනව. තරුණ ළමයි අකාලයේ මැරිල යනව. අම්ම තාත්තට දරුවො ,දරුවොන්ට දෙමව්පියො විස්වාස නැතුව යනව.
අපිටත් ඔහොම වෙන්න පුලුවන් කියල ප්රේක්ශකයන්ට හිතෙනව. මිලියන ගානක් වුනු ප්රේක්ශක පිරිසෙන් සීයට දහයකට එහෙම හිතුනත් ඒක ලක්ශ ගානක්.
ඒ කාලෙ වෙනකොට මිනිස්සු අනාගතය වෙනුවෙන් කලේ පුලුවන් හැටියට සල්ලි ටිකක් ඉතුරු කරන එක. රක්ශනය වෙනව , ජීවිත රක්ශනයක් ගන්නව වගේ දේවල් ඒ තරම්ම මිනිස්සුන්ගෙ ඔලු වල තිබුණු කාලයක් නෙවෙයි ඒ කාලය.
ඒත් ටෙලි නාට්ය මගින් මිනිස්සුන්ගෙ හිතේ අවුරුදු කීපයක් තිස්සෙ හිමින් හිමින් ගොඩනගන අස්තාවර භාවය නිසා රක්ශනයක් වත් ගත්තොත් හොඳයි කියල හිතුවත් ඒකෙ ලොකු වරදක් නෑ
මේ දේවල් එහෙම වෙන අතරෙ වැඩිය නොපෙනෙන දෙයක් තියෙනව. ඒ තමයි මුල ඉඳලම දූ දරුවෝ සඳහා අනුග්රහය දක්වන්නෙ රටේ ප්රදාන රක්ශන සමාගමක්.
ඒත් ඉතින් මේ දේවල් අතරෙ කිසිම සම්බන්දයක් නැති වෙන්නත් පුලුවන්.
වෛද්‍ය නුවන් තොටවත්ත