දැවෙන විහඟුන් (Burning Birds) චිත්‍රපටය හොදම චිත්‍රපටයට හිමි සම්මානය (Grand Prix) 15වන International Film Festival and Forum on Human Rights in Geneva (FIFDH) සිනමා උළෙලේ දී දිනා ගැනීමට සමත්විය.
එහිදී හොදම චිත්‍රපටයට හිමි සම්මානයට අමතරව CHF 10,000 මුදල් ත්‍යාගයක්ද හිමිවිය.
මීට අමතරව තරුණ ජුරියෙන් (Youth Jury) හොදම සිනමා කෘතියට පිදෙන සම්මානය ද (Young Jury Award) දිනා ගැනීමට දැවෙන විහඟුන් සමත්විය.
දැවෙන විහඟුන් (Burning Birds) චිත්‍රපටය මෙම සම්මාන දිනාගත්තේ ඔස්කාර් සම්මානලාභි "Moonlight", බර්ලින් සිනමා උළෙලේ හොදම අධ්යක්ෂණයට හිමි සම්මාන දිනු Aki Kaurismaki ගේ 'The Other Side Of The Hope' සහ කෑන්ස් සිනමා උළෙලේ සම්මාන දිනු “Mimosas,” වැනි චිත්‍රපට සමග තරග කරමිනි.
සම්මාන උළෙල ජීනීවාහි Théâtre Pitoëff සිනමාශාලාවේදී පැවැත්විණ.