සිනමා අධ්යක්ෂ නඩරාජා මනිවානන්ගේ කෙටි චිත්රපටය Tanked Fish 07 වැනි ආසියානු කෙටි චිත්රපට සම්මාන උලෙළට තරඟ කිරීම සඳහා තේරී පත් වී තිබේ.
ඒ වෙනුවෙන් සිය කණ්ඩායමේ වෙහෙස සහ කැපවීම හේතු වූ බව මනිවානන් අප සමග පැවසීය. එසේම සිය සිනමා නිර්මාණාත්මක කාණ්ඩයට ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වන බවද ඔහු පවසයි.
කොල්කටාවේ 'නන්දන්'හිදී ජූලි 07 සිට 13 වැනිදා සිනමා සම්මාන උලෙළ පැවැත්වීමට නියමිත අතර එහිදී මනිවානන් ඇතුළු කාණ්ඩයට අපගේ සුභාශිංසන පළ කරමු.