lan englan tam

පුවත්

TAKE CARE! අශේන්ද්‍රී සමරසිංහ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
විවිධ අදහස්,මතවාද එක්ක බැන බැන හරි බොහොමයක් දෙනා කැමැත්තෙන් බලන Tele series එකක්.
ඇතැම් අය මේකට එරෙහි වෙන්නෙ, ඒ එරෙහි වීමට සංස්කෘතිකම හේතු දක්වන්නෙ ඇයිද කියන එක මට තවම තේරුම් ගන්න බෑ.
මේක ලංකාවෙ ජීවත් වෙන කාටවත් අමුතු Experience එකක් ගේන කතාවක් නෙවෙයි. සමාජය ඇතුලෙ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒක එහෙම නෑ කියලා කවුරුහරි කියනවනම් එයා සමාජ ආශ්රයකින් තොරව ජීවත් වෙන කෙනෙක්.
හැමෝම දකින මේකෙ කළු චරිතය මේනකා (දිනක්ෂි) හරි ලස්සනට යථාර්තවාදී කරනවා. හැබැයි ඒක කළු චරිතයක් විදියට හැඳින්වුවට මම කැමතියි මේ series එකේ ඉන්න ලස්සනම චරිතය ඒක කියනවට.
බිරිඳක් විදියට අසෙනි (රෙබෙකා) වාසුලට (සාරංගට) වෙන්න ඕන යුතුකම් අකුරක් නෑර හරි ආදර්ශමත් විදියට ඉෂ්ට කරනවා. ඒත් සහකාරිය කියන එකේ තේරුම ගෙදර දොර වැඩ නිසියාකාරව කිරීම වගේම Husband ගෙ අනෙකුත් කාර්යබහුලමය වැඩ වලට උදව් වීම පමණක්ද ?
එතකොට ආදරය..
ආදරේ Mentally වගේම Physically දැනෙනවට ඕනම පණ තියෙන මනුස්සයෙක් කැමතියි. මනුස්සයෙක් නෙවෙයි සතෙක් වුනත් කැමතියි. ඒක එහෙම නෑ කියනවනම් ඒකත් බොරුවක්.
බිරිඳක් විදියට අසෙනි එතනදි සාර්ථකයිද, Too much ගිහිපු සදාචාරාත්මක බිරිඳක් වෙන්න යන බහුතරයක් දෙනාගෙ family එක ඇතුළෙ මේ ප්රශ්නය ඇතිවෙන්න පුලුවන්.
එතකොට මේනකා,
මේනකා වාසුලට කිට්ටු වෙන්නෙත් වාසුල මේනකාට කිට්ටු වෙන්නෙත් ආදරේකට නෙවෙයි කියන එක සමාජෙ පිටින් දකින කරුණ. ඕනම අනියම් සම්බධයක් ඇතුලෙ කියවෙන කරුණ. හැබැයි ඒ පිටස්තර උවමනාවම Tele series එක දිගට යද්දි අනිවාර්යයෙන්ම ආදරයක් වෙනවා. වාසුල හොයන ආදරේ මේනකාගෙන් ලැබෙනවා. මේනකා බලාපොරොත්තුවෙන පරිණත පිරිමිකම වාසුල ළඟ තියෙනවා. හැබැයි අසම්මතයි. මුලු සමාජෙම මේක වැරදියි කියන්නෙ ඒ හේතුව නිසා.
හැබැයි එහෙම වෙන්න හේතුව වෙන කවුරුත් නෙවෙයි අසෙනි, අසෙනිගෙ පවුල් ජීවිතේට අනවශ්ය විදියට ඇඟිලි ගහන අසෙනිගෙ අම්මා..
සමාජ මාතෘකාවක් විදියට ගත්තොත් බිරිඳ වගේම නැන්දම්මා.
ගැහැණියක් විදියට අනුකම්පාව යන්න අවශ්ය අසෙනිගෙ පැත්තට වුනත් මෙතනදි මේනකා වගේම වාසුලටත් ඒ අනුකම්පාව යන්න ඕන.
සම්මත වුනත් අසම්මත වුනත් ආදරේ ළඟ මිනිස්සු අසරණයි.
ඒ වගේම ගැහැණිය වැඩිපුර සංස්කෘතිකමය නොවන තරමට පවුල ආරක්ෂිතයි.
මේ Reality එක එහෙමත් නැත්නම් තුන්කොන් ආදරය Dinakshie, Saranga , Rebecca හරිම ලස්සනට දෙබසක් ගානෙ ස්ථානෝචිත කරනවා. මෙහෙම Open කතාවක් ආයෙත් ලංකාවෙ ප්රසිද්ධ නාලිකාවක විකාශය වීමත් හොඳයි.
මෙහෙම Tele drama බලලා ඊලඟ පරම්පරාව
හදාගන්න බෑ කියන තැන නෙවෙයි මේනකාට වගේම වාසුලට එහෙම වෙන්න හේතුවත්, අසෙනිට එහෙම වෙන්න හේතුවත් නිවැරදිව හොයන්න. ඔය කියන ඊළග පරම්පරාවට එහෙම දේවල් නොවෙන්න උත්තර ඒ දැකීම ඇතුලෙ තියෙනවා.
මේ වගේම ආන්දෝලනාත්මක නිර්මාණයක් මට ආයෙත් මතක් වුනා. පහුගිය කාලෙ මෙහෙමම බැනුම් අහපු තිසර වීරසිංහගෙ සිංදුවක්. ඒ වගේ නිර්මාණ වලින් මිනිස්සු දකින්න ඕන දේ නොදැකීමයි ලොකුම ප්රශ්නය.
 
අශේන්ද්‍රී සමරසිංහ 'සිනමාවේදීන්' සමූහයට කළ සටහනකි.
Back to top
Go to bottom

Popular News