China Town ලහිරුගේ අලුත්ම සින්දුව. වීඩියෝ එකකුත් එක්ක කරළියට ආව මේ සින්දුව ගැන විවිධ අදහස් කරළියට ආවා. සමහරු සින්දුව හොඳයි කියද්දි තවත් අය කීවේ මෙලෝ රහක් නැති සින්දුවක්නෙ මේක, ඒ පදවල කිසි තේරුමක් නෑනේ කියලා.
ඒත් සින්දුවේ තියෙන තේරුම ගැන ඒක ලියපු මනුරංග කීව කතාවෙන් ගොඩ දෙනෙක් මේ ගැන හිතන්න ගත්තා.
මේ මනුරංගගේ කතාව...
මම ලිවුව අලුත්ම සිංදුව china town.කියන්නෙ lahiru perera. Video එක mama's boys. ගොඩක් කට්ටිය සිංදුව අහල සමහර තැන් වල කියල/ලියල තියනව මේ සිංදුවේ තේරුමක් නෑ කියල. හරියට රම්බරි ආපු කාලෙ වගේ. මම දැන් සරලව කියන්නම්කො මේකෙ තේරුම මොකක්ද කියල.
ලංකාව කියන රට යටත් කරගන්න අතීතයේ ඉඳන් ගොඩක් රටවල් යුද්ධ කලා. සමහර අය කාලෙන් කාලෙට අපිව යටත් කරගත්ත. අපි යටත් විජිත බවට පත් උනා.ඒ හැම දෙනාම දිනුවෙ මුහුනට මුහුන කරපු සටන් වලින්.හැබැයි අපි ආයෙත් දිනුව. අද ලෝකයේ අපි කියපු ඒ අතීත යටත් විජිතකරනය අවසන් වී හමාරයි.රටවල් යුද්ධ කරල තවත් රටවල් අල්ල ගන්නෙ හරිම අඩුවෙන්.නමුත් සමහර රටවල් බොහොම සූක්ෂම ආකාරයෙන් රටවල් යටත් කරගන්නව.ඒකට මම කියන්නෙ ආරිථික යටත් විජිත කරනය කියල.ඒකට ආරිථිකය වගේම ජනගහන ව්‍යාප්තියත් බලපානව.
තනිව නැගිටීමට නොහැකි ආර්ථික වශයෙන් දුර්වල රටවල් නය කරුවන් කර දීර්ඝ කාලීනව වහලුන් කර රටවල් යටත් කරගැනීම බොහොම සරල දෙයක්. අපි චීනය උදාහරණයට ගමු, අද ලෝකයේ ජීවත් වෙන්න අපිට චීනයත් එක්ක ගනුදෙනු කරන්නම වෙනව.
කොලඹ නගරය ගැන හිතන්නකො,අද අපි චීන ජාතිකයන් කීයක් නම් පාරෙ යනව දකිනවද? රටේ විවිධ සංවර්ධන ව්‍යාපෘති වලට චීන ශ්‍රමිකයන් විශාල ප්‍රමානයක් මේ රට ඇතුලෙ.ලෝකයේ ගොඩක් රටවල් වල චීන ජාතිකයන් ට වෙන් කරල දීපු කලාප තියනව.ඒවට කියන්නෙ china town කියල.මොන රට ඇතුලෙ උනත් ඒ කෑල්ලට කියන්නෙ චීනෙ කියල.ඔය වගේම එකක් තමයි little india කියන්නෙත්.
චීනයත් එක්ක කරන ගනුදෙනුව මොලෙන් කලේ නැත්නම් බඩුම තමයි.අපි නොහිතුවට අපේ ජාතික ආහාරය chinese fried rice වෙලා ඉවරයි.මේ සිංදුවෙ පදරචනයෙන් මම අදහස් කලේ අනාගතයේ දී අපිත් චීන යටත් විජිතයක් වීමට නියමිත බවයි.
චීනය ගිනිතියලා ,චීන මහා ප්‍රාකාරයෙන් පැනල ලංකාවේ ත්‍රිකුණාමල යේ තියන චීන වරායට පැනගත්ත චීනෙක් ගැනයි මේ සිංදුවෙන් මම කියන්නෙ.ඒ චීන ජාතිකයා කියලා මම අදහස් කලේ චීන ව්‍යාප්තිය හා චීන ආරිථික ආක්‍රමනයයි.
" මල්වෙඩි හදලා ඒවා යවලා ටවුමම ගිනි ගත්තා
චීන මහා ප්‍රාකාරෙන් පැනලා රැවුල බේරගත්තා
චීන වරායට නැවකින් ඇවිදින් මෙහාට පැනගත්තා
පඩියක් නැතුවම හයිවේ හදලා මෙහෙම බින්න බැස්සා"
මම මේ දිග කතාව බොහොම සරලව කිව්වෙ.
මේකට කියන්නේ "නූතන යටත් විජිතකරණය" කියලයි.
අහල බලන්න හිතල බලන්න!
මම මනුරංග විජේසේකර.